අයි.පී.එල් මාර්තු 21 සිට

2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය

International Cricket

67

2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය මාර් තු 21 වැනිදා සිට මැයි 25 වැනිදා දක්වා පැවැත්වෙන බව ඊයේ (12දා) ඉන්දිය ක්‍රිකට් ආයතනය දන්වා සිටියේය. ඒ අනුව මෙවර අයි.පී.එල්. තරගාවලියේ පළමු සමාරම්භක තරගය මෙන්ම අවසන් තරගයද ඊඩ්න් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ. අයි.පී.එල්. තරගාවලියක ආරම්භක තරගය සහ අවසන් තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණය, ඊට පෙර තරගාවලියේ ශුරතාව දිනූ කණ්ඩායම නියෝජනය කරන ප්‍රදේශය ආශ්‍රිතව තෝරා ගැනීම සාමාන්‍යයෙන් සිදු වෙයි. ඒ අනුව 2024 අයි.පී.එල්. ශුරතාව දිනූ'කොල්කටා නයිට් රයිඩර් ස් කණ්ඩායමේ නිජබිම වන ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේදී'මෙවර පළමු සහ අවසන් තරග පැවැත්වේ. 2025 අයි.පී.එල්. තරගාවලිය තරග 74කින් සමන්විත වෙයි.

ඊට අමතරව කාන්තා ප්‍රිමියර් ලීග්
තරගාවලියද පෙබරවාරි 7 වැනිදා සිට මාර් තු 2 වැනිදා තෙක් පැවැත්වීමට නියමිතය. අයි.සී.සී. ශුරයන්ගේ කුසලාන තරගාවලිය මාර්තු 9 වැනිදා නිමා වන අතර එම තරගාවලිය නිමා වීමෙන් සති 2කින් පසු අයි.පී.එල් තරගාවලිය ආරම්භ කිරීම ඉන්දියාවේ සැලසුම විය. ඒ අනුව 2025 අයි.පී.එල්. තරගාවලියේ කාල සටහන මෙම මස අගදී නිකුත් කිරීමට නියමිතය.