ඕස්ටේ්රලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට අදාළ තරග කාලසටහනේ සිදු වූ වෙනසක් ක්‍රිකට් ආයතනය මගින් ඊයේ (15දා) නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබිණි.
ඒ අනුව ඕස්ටේ්රලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟින් පැවැති සාකච්ඡාවක ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් මෙම තීරණය ගෙන ඇත. මෙම තීරණයට අනුව දෙරට අතර ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව එක්දින තරග 2ක් ද පැවැත්වීමට නියමිතව ඇත. කෙසේ වෙතත් මින් පෙර හම්බන්තොටදී එක් එක්දින තරගයක් පැවැත්වීමට තීරණය කර තිබිණි.
ඕස්ටේ්රලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට අදාළව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය මෙම මස 29 වැනිදා සිට පෙබරවාරි මස 2 වැනිදා දක්වා පැවැත්වේ. දෙවැනි තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ පෙබරවාරි මස 6 වැනිදා සිට 10 වැනිදා දක්වාය. මෙම ටෙස්ට් තරග ද්විත්වයම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබීම ද විශේෂත්වයකි.
ඉන් අනතුරුව පළමු එක්දින තරගය පෙබරවාරි මස 12 වැනිදාත් දෙවැනි එක්දින තරගය පෙබරවාරි මස 14 වැනිදාත් පැවැත්වීමට සැළසුම් කර ඇත. කෙසේ වෙතත් කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරග දෙකම දිවා තරග ලෙසින් පැවැත්වීම ද කැපී පෙනෙන සිදුවීමකි.
මෙම තරගාවලියට එක්වීමේ අපේක්ෂාවෙන් ඕස්ටේ්රලියා කණ්ඩායම එළැඹෙන 24 වැනිදා ශ්‍රී ලංකාවට ලඟා වීමට නියමිතව තිබේ.