2025 අය වැය විවාදය අතරතුර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සඳහා පැවැති වාර්ෂික ක්‍රීඩා උත්සවයේ මේස පන්දු තරඟයේ ශූරතාව දිනා ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිලන්ති කොට්ටහච්චි සමත් වී තිබෙනවා.
එහි අනුශූරතාව දිනාගැනීමට සමත් වූයේ චමින්ද්‍රාණී කිරිඇල්ල මන්ත්‍රීතුමියයි.
යුගල මේස පන්දු තරගාවලියේ ශූරතාවයද පාරල්ිමේන්තු මන්ත්‍රිනී නිලන්ති කොට්ටහච්චි සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුරංග අබේසිංහ මන්ත්‍රීතුමා හිමිකරගෙන තිබීම විශේෂත්වයකි.
මෙහි ත්‍යාග, කුසලාන සහ සහතිකපත් ප්‍රදානය අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය, පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක, ක්‍රීඩා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, ක්‍රීඩා උත්සවය සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ මහ ලේකම් කුෂානි රෝහණධීර යන මහත්ම මහත්මීන්ගේ ප්‍රදානත්වයෙන් පැවැත්විණි.
පාර්ලිමෙන්තු මේසපන්දු ශූරතාව කොට්ටහච්චිට
අනුශූරතාව චමින්ද්‍රාණී කිරිඇල්ල මන්ත්‍රීතුමියට
Other Sports