අයි.සී.සී. ලොක්කාට තනතුර එපා වෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලඩීස් එම තනතුරින් ඉල්ලා අස්වෙයි.

International Cricket

66

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලඩීස් එම තනතුරින් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

නව අභියෝගයකට මුහුණදීම වෙනුවෙන් තමන් මෙම තනතුරින් ඉල්ලා අස්වූ බව ඇලඩීස් සඳහන් කර ඇත. ජෙෆ් ඇලඩීස් 2021 වසරේ සිට සිවු වසරක කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ප්‍රධාන විධායක නිලධාරියා ලෙසින් කටයුතු කළේය.
2020 වසරේදී එවකට අයි.සී.සී. ප්‍රධාන විධායක නිලධාරී මනු ස්වානි එම තනතුරින් ඉවත් කිරීමෙන් අනතුරුව තාවකාලික පදනම යටතේ ජෙෆ් ඇලඩීස් එම තනතුරට පත් විය. ඉන් අනතතුරුව 2021 වසරේදී අයි.සී.සී. ප්‍රධාන විධායක නිලධාරීයා වශයෙන් ඇලඩීස් පත්වීම් ලැබුවේය. කෙසේ වෙතත් ඊට පෙර අයි.සී.සී. සාමාන්‍යාධිකාරීවරයා සහ ඕස්ටේ්‍රලියානු ක්‍රිකට් ආයතනයේ මෙහෙයුම් කළමණාකරු ලෙසින් ද ඔහු කටයුතු කර තිබේ.
එසේ වුවත් අයි.සී.සී. විධායක කමිටු සමාජිකයකු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ ඇැමෙරිකා එක්සත් ජනපදයේ පැවැති විස්සයි-20 ලෝක කුසලානයේ අසාර්ථකත්වය සම්බන්ධයෙන් පවත්වාගෙන යන විශේෂ විගණනයත් 2025 ශූරයින්ගේ කුසලානය සඳහා පාකිස්තානයේ යෝග්‍යතාව පළිබඳ ඇලඩීස්ගේ මතයත් ඔහුගේ මෙම හදිසි තීරණයට හේතු වූ බවයි. ඒ අනුව 2025 ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය එළැඹෙන පෙබරවාරි මස 19 වැනිදා පාකිස්තානයේදී ආරම්භ කිරීමට සැළසුම් කර තිබේ. ඊට අමතරව අදාළ තරගාවලියේ ඉන්දියාව එක්වන තරග සියල්ල පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහිදීය.