ඕස්ටේ්රලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට අදාළව පැවැත්වෙන වෝන් - මුරලි කුසලාන ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (30දා) තරගය නතර කරන අවස්ථාව වන විට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව ලකුණු 44කට කඩුලු 3ක් දැවී දැඩි අසීරු තත්ත්වයක පසු විය. ඒ අනුව ශ්‍රී ලංකාව ඕස්ටේ්රලියා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 610ක් පිටුපසින් පසුවෙයි.
ඒ අනුව ඊයේ දිනය ආරම්භ වෙද්දී ඕස්ටේ්රලියාව කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 330ක් රැස්කරගෙන සිටියේය. මෙහිදී තරගයේ තීරණාත්මක සම්බන්ධතාව ගොඩනැගූ වැඩබලන නායක ස්ටීව් ස්මිත් සහ උස්මාන් කවාජා තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 266ක සම්බන්ධතාවයක් ගොඩනැගීම කැපී පෙණිනි.
කෙසේ වෙතත් ඊයේ දිනයේ ඕස්ටේ්රලියානු ලකුණු පුවරුවට තවත් ලකුණු 71ක් එක්වෙද්දී නායක ස්ටීව් ස්මිත් තෙවැනි කඩුල්ල ලෙසින් පිටියෙන් ඉවත් කිරීමට ජෙෆ්රි වැන්ඩර්සේට හැකි විය. කඩුල්ල මුවාකිරීමේ වරදට හසුව ස්මිත් දැවී යන විට පන්දු 251කදී රැස්කරගෙන තිබූ ලකුණු සංඛ්‍යාව 141කි.
ඉන් අනතුරුව කවාජාට එක්වූ තම මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ජොෂ් ඉංග්ලිෂ් ද ඕස්ටේ්රලියාවේ සිවු වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 146ක සම්බන්ධතාවයක් ගොඩනැගූවේ තරගය තවදුරටත් ඕස්ටේ්රලියානුවන් වෙත නතු කරවමිනි. ඒ අතර උස්මාන් කවාජා තම ටෙස්ට් දිවියේ පළමු ද්විත්ව ශතකය ද වාර්තා කර ගත්තේය. එය ඉතිහාසයට එක් වූයේ ශ්‍රී ලංකාව තුළ ඕස්ටේ්රලියානු පිතිකරුවකු ටෙස්ට් තරගයක රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසිනි. කෙසේ වෙතත් ලකුණු 232ක් රැස්කරගෙන සිටි උස්මාන් කවාජා ප්‍රභාත් ජයසූරියගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අතට උඩ පන්දුවක් ලබා දෙමින් සිවු වැනි කඩුල්ල ලෙසින් පිටියෙන් ඉවත් විය.
ජොෂ් ඉංග්ලිෂ් ද තම ටෙස්ට් දිවියේ පළමු තරගයේ පළමු ඉනිමේදීම ශතකයක් වාර්තා කර ගනිමින් ලකුණු 102ක් රැස්කර ගත්තේය. ඉංග්ලිෂ් ඕස්ටේ්රලියානු ඉනිමේ 5 වැනි කඩුල්ල ලෙසින් දැවී ගියේ ජයසූරියගේ පන්දුවක් හමුවේ කමිඳු මෙන්ඩිස් අතට උඩ පන්දුවක් ලබා දෙමිනි. එසේම ජොෂ් ඉංග්ලිෂ් ඉතිහාසයට එක්වූයේ තම මංගල ටෙස්ට් තරගයේදී ශතකයක් වාර්තා කළ 21 වැනි ඕස්ටේ්රලියානු පිතිකරුවා ලෙසිනි.
කමිඳු මෙන්ඩිස්ගේ දක්ෂ පන්දු රැකීම හමුවේ බියු වෙබ්ස්ටර් ලකුණු 23කට දවා ගැනීමට වැන්ඩර්සේට හැකියාව ලැබිණි.
කෙසේ වෙතත් ඉන් අනතුරුව ඕස්ටේ්රලියානු ඉනිමේ 153 වැනි පන්දුවාරයේදී සිය පළමු ඉනිම අත්හිටුවීමට ඕස්ටේ්රලියානු නායකයා තීරණය කළේය. ඒ වන විට ඕසටේ්රලියානු ඉනිම කඩුලු 6කට ල කුණු 654ක් ලෙසින් සටහන් විය. ඉනිම අත්හිටුවන අවස්ථාවේ නොදැවී පන්දුවට පහරදෙමින් සිටි ඇලෙක්ස් කේරි ලකුණු 46ක් සහ මිචෙල් ස්ටාර්ක් ලකුණු 19ක් ලබා සිටියේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී ප්‍රභාත් ජයසූරිය සහ ජෙෆ්රි වැන්ඩර්සේ කඩුලු 3 බැගින් බිඳහෙලීය.
ඉන් අනතුරුව පිළිතුරු පළමු ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල් බවට ඕෂධ ප්‍රනාන්දු පත් වූ අතර ඔහුට රැස්කරගත හැකි වූයේ ලකුණු 7ක් පමණි. යළිත් වරක් අසාර්ථකවූ දිමුත් කරුණාරත්න ලකුණු 7කට දෙවැනි කඩුල්ල ලෙසින් පිටියෙන් ඉවත් විය. දැඩි පීඩනයකට නතු වී සිටි ඇන්ජිලෝ මැතිව්ස් තෙවැනි කඩුල්ල ලෙස දැවී යන විට රැස්කරගෙන සිටියේ ලකුණු 7ක් පමණි. කෙසේ වෙතත් අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දෙවැනි දිනයට තරගය නතර කරන අවස්ථාව වන විට නොදැවී පන්දුවට පහරදෙමින් සිටි කමිඳු මෙන්ඩිස් ලකුණු 13ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුනු 9ක් ලබා සිටියේය.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඕස්ටේ්රලියානු කණ්ඩායමේ වැඩ බලන නායක ස්ටීවන් ස්මිත් පළමුව ලකුණු රැස්කිරීමට තීරණය කළේය.
එහිදී ශක්තිමත් ආරම්භයක් ලඟා කරගත් ඕස්ටේ්රලියාවේ පළමු කඩුල්ල ලෙස ට්‍රැවිස් හෙඩ් සිය ටෙස්ට් දිවියේ 18 වැනි අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 57කට දැවී ගියේය. මානස් ලැබුස්චේන්ට රැස්කරගත හැකි වූයේ ලකුණු 20ක් පමණි. ජෙෆ්රි වැන්ඩර්සේගේ පන්දුවක් හමුවේ ස්ලිප්හි පන්දු රකිමින් සිටි ධනංජය ද සිල්වා අතට උඩපන්දුවක් ලබා දෙමින් ලැබුස්චේන් දැවී ගියේය.
ලකුණු සාරාංශය
ඕස්ටේ්රලියා පළමු ඉනිම - 654/6 (154) (උස්මාන් කවාජා 232, ස්ටීවන් ස්මිත් 141, ජොෂ් ඉංග්ලිෂ් 102, ට්‍රැවිස් හෙඩ් 57, ප්‍රබාත් ජයසූරිය 193/3, ජෙෆ්රි වැන්ඩර්සේ 182/3, අසිත ප්‍රනාන්දු 77/0, නිෂාන් පීරිස් 189/0)
ශ්‍රී ලංකා පලමු ඉනිම - 44/3 (15) (ඕෂධ ප්‍රනාන්දු 7, දිමුත් කරුණාරත්න 7, ඇන්ජිලෝ මැතිව්ස් 7, මිචෙල් ස්ටාර්ක් 10/1, මැතිව් ක්වෙන්මන් 26/1, නෙදන් ලයන් 7/1)