2026 බොක්සිං ලෝක කුසලානය ලංකාවට ?

2026 වසරේ පැවැත්වීමට නියමිතව ඇති ලෝක ශූරතා බොක්සිං තරගාවලිය

Other Sports

1000
2026 වසරේ පැවැත්වීමට නියමිතව ඇති ලෝක ශූරතා බොක්සිං තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමේ වැඩි ඉඩක් පවතින බව ආසියානු බොක්සිං සම්මේලනය පසුගියදා නිවේදනය කර තිබිණි. 
ඒ අනුව ආසියානු බොක්සිං සම්මේලනය නිකුත් කර තිබූ නිවේදනය දක්වා තිබුණේ 2026 වසරේ ලෝක ශූරතා බොක්සිං තරගාවලිය පළමු වරට ශ්‍රී ලංකාවේදී පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනය සූදානමින් පසුවන බවයි. 
ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයේ ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිස් රොබර්ට්ස්, ආසියානු බොක්සිං සම්මේලනයේ වැඩ බලන සභාපති අසිස් කොහෙම්බෙටිව් සහ ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනයේ සභාපති අනුරුද්ධ ශානක බණ්ඩාර යන මහත්වරුන් ික්‍රීඩා අමාත්‍යවරයා හමු වූ අවස්ථාවේ දී මේ සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා කර ඇති බව ද සඳහන්ය. 
ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැති වයස අවුරුදු 22න් පහළ සහ යොවුන් බොක්සිං තරගාවලියේ සාර්ථකත්වය පදනම් කර ගනිමින් ලෝක ශූරතා බොක්සිං තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිවන බව ද සඳහන්ය.