බංග්ලාදේශ සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට අලුත් මුහුණු

බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය

International Cricket

1000

බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය එළැඹෙන ජූනි මස 17 වැනිදා ආරම්භ වීමට නියමිතව ඇති අතර එහි ටෙස්ට් තරගාවලියේ දී ශ්‍රී ලංකා සංචිතයට නවක ක්‍රීඩකයින් කිහිපදෙනෙකු එක් කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වේ. 

ඒ අනුව ක්‍රිකට් ආරංචිමාර්ග සඳහන් කරන්නේ මෙම තරගාවලියෛ්දී නවක ක්‍රීඩකයින් දෙදෙනෙකු සඳහා අවස්ථාව සළසා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සූදානමින් පසුවන බවයි. ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ටෙස්ට් පිටියට සමුදීමත් හිටපු නායක ඇන්ජිලෝ මැතිව්ස් ටෙස්ට් පිටියට සමුදීම ශ්‍රී ලංකා - බංග්ලාදේශ පළමු තරගයේ දී සිදුවන බව නිවේදනය කර තිබීමත් හේතුවෙන් මෙලෙස නවකයින්ට අවස්ථාව හිමි වීමට හේතුවී තිබේ. එහිදී මැදපෙල තුන් ඉරියව් ක්‍රීඩකයකු හෝ දෙදෙනෙකු කණ්ඩායම වෙත එක් කිරීමට මෙය අවස්ථාව කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇති බව ද දැනගන්නට ඇත. 

කෙසේ වෙතත් ඕස්ටේ්‍රලියානුවන් සමඟින් නිමා වූ ටෙස්ට් තරගාවලියේ දී ආරම්භක පිතිකරුවන් වන ලහිරු උදාර සහ සොනාල් දිනූශ ශ්‍රී ලංකා සංචිතයට එක් කර තිබුණත් ඔවුන්ට ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් 11 දෙනාට එක්වීමට අවස්ථාවක් නොලැබිණි. ඒ අනුව බංග්ලාදේශය සමඟින් පැවැත්වෙන මෙම තරගාවලියේදී ලහිරු උදාර සහ සොනාල් දිනූශට වැඩි අවස්ථා හිමිවනු ඇති බව ද සඳහන්ය. මේ වන විට 31 හැවිරිදි වියේ පසුවන ළහිරු උදාර පළමු පෙළ තරග 105කට ක්‍රීඩා කරමින් ලකුණු 7305ක් රැස්කරගෙන තිබේ. ඊට අමතරව 24 හැවිරිදි වමත් පිතිකරු සොනාල් දිනූෂ, පළමුපෙළ තරග 48කදී ලකුණු 2478ක් රුස්කරගෙන ඇති අතර කඩුලු 99ක් ද දවා ගැනීමට සමත්ව තිබීම විශේෂත්වයකි. 

එසේම 25 හැවිරිදි මැදපෙළ පිතිකරු පසිඳු සූරියබණ්ඩාර සහ 22 හැවිරිදි පවන් රත්නායක ද ශ්‍රී ලංකා සංචිතය සඳහා ඇතුළත් කිරීම වෙනුවෙන් ද අවධානය යොමුව ඇති බව ද සඳහන්ය.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය මෙම මස 17 වැනිදා සිට 21 වැනිදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර දෙවැනි තරගය ජූනි මස 25 වැනිදා සිට 29 වැනිදා දක්වා කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.