දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක ජෙරල්ඩ් කෝට්සිට ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය අහිමි වී තිබේ. ඔහුට ඉදිරියේදී පාකිස්තානය සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය මෙන්ම ලබන ජනවාරි මාසයේ ආරම්භ වීමට නියමිත 20-20 ලීග් තරගාවලියේ ආරම්භක තරග කිහිපය ද අහිමි වීමට ඉඩ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ශ්‍රී ලංකා සහ දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිවු වන දිනයේ පන්දු යවමින් සිටියදී ජෙරල්ඩ් කෝට්සිගේ ඉකිලි ප්‍රදේශයේ මාංශ පේශි ආබාධයකට ලක් විය. එහිදී සිදු කළ ස්කෑන් පරීක්ෂණයේදී මෙම ආබාධ තත්ත්වය තහවුරු වී ඇත. වෛද්‍යවරුන් පවසන පරිදි ආබාධය හේතුවෙන් බොහෝ දුරට සති 4-6ත් අතර කාලයක් ක්‍රීඩා පිටියෙන් ඉවත් වීමට ඔහුට සිදු වනු ඇත. මේ හේතුවෙන් ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය සඳහා 18 හැවිරිදි යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක ක්වේනා මාපාකා දකුණු අප්‍රිකානු ටෙස්ට් සංචිතයට කැඳවීමට නියමිතය. මේ වන විට ජාත්‍යන්තර ටෙස්ට් තරග වරම් ලබා නොමැති ක්වේනා මාපාකා තවමත් ක්‍රීඩා කර ඇත්තේ ජාත්‍යන්තර විස්සයි - 20 තරග 3ක් පමණී. ඔහු මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරමින් 2024 ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේද තරග කළේය