ටෙස්ට් තරගාවලිය 2-0 ලෙස දකුණු අප්‍රිකාව ජය ගනීයි

යුත්ස්ට තරගාවලිය තරග 2-0ක් ලෙසින් පූර්ණ ජයක් දකුණු අප්‍රිකානුවන් සතු විය.

International Cricket

88

මෙම තරගයේ තීරණාත්මක පස්වැනි දිනය ආරම්භ වන විට ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 143ක් ලබා ගැනීමේ ඉලක්කයෙන් පිටියට පිවිසි කුසල් මෙන්ඩිස්ට සහ ධනංජය ද සිල්වාට වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් අවස්ථාව ලබා නොදුන්හ. කේෂව් මහාරාජ් ක්‍රියාත්මක කළ ඊයේ දිනයේ 7 වැනි පන්දුවාරයේදී ස්ලිප්හි පන්දු රකිමින් සිටි ක්‍රීඩකයා අතට උඩපන්දුවක් ලබා දෙමින් කුසල් මෙන්ඩිස් දැවී ගියේ ශ්‍රී ලංකාවේ සියලු බලාපොරොත්තු බොඳ කරවමිනි. කුසල් මෙන්ඩිස්ට ලබා ගත හැකි වූයේ ලකුණු 46ක් පමණි. ධනංජය ද සිල්වා ලකුණු 50ක් රැස්කරගත්තේය. ප්‍රබාත් ජයසූරියට ලබා ගත හැකි වූයේ ලකුණු 9ක් පමණි. විශ්ව ප්‍රනානදු ලකුණු 10කට දැවී ගිය අතර  ළහිරු කුමාර එක් ලකුණකට දැවී ගියේය. ඒ අනුව ශ්‍රී ලංකා දෙවැනි ඉනිම පන්දුවාර 69.1කදී ලකුණු 238කට සීමා වූ අතර දකුණු අප්‍රිකාව වෙනුවෙන් පන්දු යැවීමේදී කේෂව් මහාරාජ් කඩුලු 5ක් දවා ගත්තේය. 

කෙසේ වෙතත් ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල ලෙස දිමුත් කරුණාරත්න එක් ලකුණකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වූ අතර පැතුම් නිස්සංකට රැස්කරගත හැකි වූයේ ලකුනු 18ක් පමණි. දිනේෂ් චන්දිමාල් ලකුණු 29ක් රැස්කළ අතර අනවශ්‍ය පහරක් එල්ල කිරීමට ගත් උත්සාහය වෙනුවෙන් තම කඩුල්ලෙන් වන්දි ගෙවූ ඇන්ජිලෝ මැතිව්ස් ලකුණු 32කට දැවී ගියේ සිවු වැනි කඩුල්ල ලෙසිනි. කමිඳු මෙන්ඩිස්ට ද රැස්කරගත හැකි වූයේ ලකුණු 35ක් පමණි. 

දකුණු අප්‍රිකාවේ සෙන්ට් ජෝජ්ස් පාක්හිදී පැවැති මෙම තරගයේ තරගයේ කාසියේ වාසිය දිනා පළමුව ලකුණු රැස්කළ දකුණු අප්‍රිකානුවන් පළමු ඉනිම වෙනුවෙන් සියලුදෙනා දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 358කි. එහිදී රයන් රෙකල්ස්ටන් ලකුණු 101ක් සහ කයිල් වේරියන් නොදැවී ලකුණු 105ක් රැස්කරමින් දස්කම් දැක්වූ අතර ටෙම්බා බවූමා ලකුණු 78ක් රැස්කර ගත්තේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් දස්කම් දැක්වූ ළහිරු කුමාර කඩුලු 4ක්, අසිත ප්‍රනාන්දු කඩුලු 3ක්, විශ්ව ප්‍රනාන්දු කඩුලු 2ක් සහ ප්‍රබාත් ජයසූරිය එක් කඩුල්ලක් දවා ගනිමින් දස්කම් දැක්වීය. 

පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවට පන්දුවාර 99.2කදී සියලුදෙනා දැවී ලබා ගත්තේ ලකුණු 328ක් පමණි. ශ්‍රී ලංකාව වෙනුවෙන් සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක ලකුණු 89කට අවාසනාවන්ත ලෙස දැවී ගියේය. දිනේෂ් චන්දිමාල් ලකුණු 44ක්, ඇන්ජිලෝ මැතිව්ස් ලකුනු 44ක්, කමිඳු මෙන්ඩිස් ලකුණු 48ක් සහ ප්‍රබාත් ජයසූරිය ලකුණු 24ක් ලබා ගත්තේය. දකුණු අප්‍රිකානුවන් වෙනුවෙන් පන්දු යැවීමේදී ඩෙන් පැටර්සන් කඩුලු 5ක් දවා ගත් අතර මාර්කෝ ජැන්සෙන් සහ කේෂව් මහාරාජ් කඩුලු 2 බැගින් බිඳහෙලීය. 

ඒ අනුව ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 30ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිම ක්‍රියාත්මක කළ දකුණු අප්‍රිකාවට දකුණු අප්‍රිකා දෙවැනි ඉනිම වෙනුවෙන් සියලුදෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 317ක් පමණි. එහිදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ නායක ටෙම්බා බවූමා ලකුණු 66ක් රැස්කළ අතර එයිඩන් මාර්කම් ලකුණු 55ක් රැස්කර ගත්තේය. ඩේවිඩ් බෙඩිංහැම් ලකුණු 35ක්, රයන් රෙකල්ස්ටන් ලකුණු 24ක් සහ ත්‍රිස්ටන් ස්ටබ්ස් ලකුණු 47ක් රැස්කරමින් දස්කම් දැක්වීය. ඒ අනුව ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා ලකුණු 348ක දැවැන්ත ඉලක්කයක් හිමි විය. 

දකුණු අප්‍රිකා දෙවැනි ඉනිමේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ ප්‍රබාත් ජයසූරිය කඩුලු 5ක් දවා ගැනීම කැපී පෙනිණි. විශ්ව ප්‍රනාන්දු කඩුලු 2ක් දවා ගත් අතර අසිත ප්‍රනාන්දු සහ ළහිරු කුමාර අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය. 


ලකුණු සාරාංශය 

දකුණු අප්‍රිකා දෙවැනි ඉනිම - 358 (103.4) (රයන් රෙකල්ස්ටන් 101, කයිල් වේරියන් නොදැවී 105, ටෙම්බා බවූමා 78, ළහිරු කුමාර 79/4, අසිත ප්‍රනාන්දු 102/3, විශ්ව ප්‍රනාන්දු 65/2) 

ශ්‍රී ලංකා පළමු ඉනිම - 328 (99.2) (පැතුම් නිස්සංක 89, දිනේෂ් චන්දිමාල් 44, ඇන්ජිලෝ මැතිව්ස් 44, කමිඳු මෙන්ඩිස් 48, ප්‍රබාත් ජයසූරිය 24, ඩේන් පැටර්සන් 71/5, මාර්කෝ ජැන්සෙන් 100/2, කේෂව් මහාරාජ් 65/2) 

දකුණු අප්‍රිකා දෙවැනි ඉනිම - 317 (86) (ටෙම්බා බවූමා 66, ත්‍රිස්ටන් ස්ටබ්ස් 47, එයිඩන් මාර්කම් 55, ප්‍රබාත් ජයසූරිය 129/5, විශ්ව ප්‍රනාන්දු 47/2, අසිත ප්‍රනාන්දු 52/1, ළහිරු කුමාර 71/1) 

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම - 238 (69.1) (ධනංජය ද සිල්වා 50, කුසල් මෙන්ඩිස් 46, කමිදු මෙන්ඩිස් 35, දිනේෂ් චන්දිමාල් 29, ඇන්ජිලෝ මැතිව්ස් 32, කේෂව් මහාරාජ් 76/5, කගීසෝ රබාඩා 63/2, ඩේන් පැටර්සන් 33/2)