එංගලන්තයට 658ක දැවැන්ත ඉලක්කයක්

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ නවසීලන්තය අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගය

International Cricket

16

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ නවසීලන්තය අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ ජයග්‍රහණය සඳහා එංගලන්ත කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 658කි.

ඒ අනුව අද (16දා) තරගය නතර කරන අවස්ථාව වන විට එම දැවැන්ත ඉලක්කය හඹා යමින් සිටි එංගලන්තය කඩුලු 2කට ලකුණු 18ක් ලබා අසීරු තත්ත්වයක පසු විය.
හැමිල්ටන්හිදී පැවැත්වෙන මෙම තරගයේ පළමුව ලකුණු රැස්කළ නවසීලන්තය පන්දුවාර 97.1කදී සියලුදෙනා දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 347කි. එහිදී ටොම් ලැතම් ලකුණු 63ක් රැස්කළ අතර විල් යංග් ලකුණු 42ක් සහ කේන් විලියම්සන් ලකුණු 44ක් රැස්කරග්තේය. මිචෙල් සැන්ට්නර් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 76කි. එංගලන්තය වෙනුවෙන් පන්දු යැවීමේදී ජේකොබ් බෙතෙල් කඩලු 4ක් දවා ගත්තේය.
ඉන් අනතුරුව පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තයට පන්දුවාර 35.4කදී සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 143ක් පමණි. ජෝ රූ ට්ලකුණු 32ක් සහ බෙන් ස්ටෝක්ස් ලකුණු 27ක් රැස්කරගත්තේය. නවසීලන්තය වෙනුවෙන් පන්දු යැවීමේදී මැට් හෙන්රි කඩුලු 4ක් දවා ගත් අතර විල් ඕ’රෝකි සහ මිචෙල් සැන්ට්නර් අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියේය.
ඒ අනුව එංගලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 204ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිම ක්‍රීඩාකළ නවසීලන්තය ලකුණු 453ක් රැස්කරගනු ලැබීය. ඒ අනුව ජයග්‍රහණය සඳහා එංගලන්තයට හිමිවූ ඉලක්කය ලකුණු 658කි.
දෙවැනි ඉනිමේදී සුපිරි පිතිකරණයක නිරත වූ කේන් විලියම්සන් ලකුණු 156ක් රැස්කර ගත්තේය. එය විලියම්සන්ගේ ටෙස්ට් දිවියේ 33 වැනි ශතකය වීම ද කැපී පෙනිණි. century.