මලයාසියාවේ දී පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ (16දා) පැවැති තරගයෙන් බංග්ලාදේශය හමුවේ අනපේක්ෂිත පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය.
මලයාසියාවේ ක්වාලාලම්පූර් නුවරදී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා පිල පළමුව ලකුණු රැස්කිරීම සඳහා බංග්ලාදේශයට ආරාධනා කරනු ලැබීය. අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම තරගයේ එක් ඉනිමක් පන්දුවාර 17කට සීමා කර තිබිණි. ඒ අනුව බංග්ලාදේශ ලකුණු පුවරුව ක්‍රියාත්මක වීමටත් පෙර ජූරාලියා ෆර්නැන්ඩස් දවා ගැනීමට රෂ්මිකා සෙව්වන්දි සමත් වුව ද දෙවැනි කඩුල්ලට ලකුණු 44ක් එක් කිරීමට මොසමාත් ඒවා සහ සුමාරියා අක්තර් සමත් විය. මොස්මත් ඒවා ලකුනු 18ක් සහ සුමාරියා අක්තර් ලකුනු 24ක් රැස්කර ගැනීම කැපී පෙනිණි.
කෙසේ වෙතත් ජනාතුල් මවුවා ලකුණු 6කටත් නායිකා සුමායියා අක්තර් එක් ලකුණකටත් සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ට හැකියාව ලැබිණි. නමුත් අෆියා අශීමා ලකුණු 25ක් සහ සායිදා අක්තර් ලකුණු 31ක් රැස්කරමින් බංග්ලාදේශ ඉනිම ස්ථාවර කිරීමට දායක වූහ.
ඒ අනුව බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 17 අවසානයේදී කඩුලු 9කට රැස්කළ ලකුණු සංඛ්‍යාව 122කි. ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී රෂ්මිකා සෙව්වන්දි කඩුලු 4ක් දවා ගත් අතර ප්‍රමුදි මෙත්සරා සහ අශේනි ගලගුණේ අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය.
එම අභියෝගාත්මක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස හිරුණි හංසිදා ලකුණු නොලබා දැවී ගිය අතර දෙවැනි කඩුල්ල බවට පත් වූ සංජනා කාවින්දි ලකුණු 21ක් ලබා ගත්තාය. ලිමන්සා තිලකරන්තට රැස්කරගත හැකි වූයේ ලකුණු 16ක් පමණි. සුමුදු නිසංසලා ලකුණු 15කට දැවී යද්දී නායිකා මනුදි නානායක්කාර ලකුණු 5කට පිටියෙන් ඉවත් විය. සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ රෂ්මිකා සෙව්වන්දි ලකුණු 20ක් රැස්කර ගත්තාය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 17 නිමා වෙද්දී කඩුලු 8කට රැස්කරගත හැකි වූයේ ලකුණු 94ක් පමණි. බංග්ලාදේශය වෙනුවෙන් පන්දු යැවීමේදී සවුම්යා අක්තර් කඩුලු 3ක් දවා ගත් අතර නිෂ්තා අක්තර් සහ ෆර්ජානා එස්මයින් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය.
ලකුණු සාරාංශය
බංග්ලාදේශය - 122/9 (17) (සාදියා අක්තර් 31, අෆියා අෂීමා 25, සවුම්යා අක්තර් 24, රෂ්මිකා සෙව්වන්දි 23/4, ප්‍රමුදි මෙත්සරා 11/2, අසෙනි තලගුණේ 20/2, හිරුණි හංසිකා 20/1)
ශ්‍රී ලංකාව - 94/8 (17) (සංජනා කාවින්දි 21, රෂ්මිකා සෙව්වන්දි 20, සුමුදු නිසංසලා 15, ලිමන්සා තිලකරත්න 16, සවුම්යා අක්තර් 12/3, නශ්තා අක්තර් 16/2, ෆර්ජනා එස්මයින් 12/2)