ලංකාව ටෙස්ට් ලෝක ශූරතාවයේ 5 වැනි තැනට

එංගලන්තය නවසීලන්තය අතර පැවැති ටෙස්ට් තරගයෙන් වෙනස් වූ ලෝක ශූරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහන

International Cricket

89


ලෝක ශූරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි ස්ථානය දක්වා පහත බැසීමට ශ්‍රී ලංකාවට ඊයේ (17දා) සිදු විය.

ඒ අනුව එංගලන්තය සමගින් පැවැති ටෙස්ට් තරගාවලියේ තෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 423ක දැවැන්ත ජයක් නවසීලන්තයට හිමි වීමත් සමඟින් ශ්‍රී ලංකාව මෙලෙස පහත වැටී ඇත. එහිදී නවසීලන්තය ලෝක ශූරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ සිවු වැනි ස්ථානයට පත්ව තිබීම ද විශේෂත්වයකි. කෙසේ වෙතත් මෙම තරගයත් සමඟින් 2023-2025 ලෝක ශූරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ නවසීලන්තය ක්‍රීඩා කරන සියලු තරග නිමාවට පත් විය.
ඊට අමතරව මෙම ලද දැවැන්ත පරාජය හේතුවෙන් එංගලන්ත ද ලෝක ශූරතා ටෙස්ට් ක්‍රිකට් ප්‍රසාද ලකුණු සටහනේ 6 වැනි ස්ථානය දක්වා පසුබැස තිබීම ද විශේෂත්වයකි.
කෙසේ වෙතත් සියයට 63.33ක ජයග්‍රහණ ප්‍රතිශතයකට හිමිකම් කියමින් දකුණු අප්‍රිකාව එම සටහනේ පෙරමුණේ පසුවෙද්දී දෙවැනි ස්ථානයේ පසුවන ඕස්ටේ්‍රලියාව සියයට 60.71ක ජයග්‍රහණ ප්‍රතිශතයක් හිමිකරගෙන ඇත. ඉන්දියාව තෙවැනි ස්ථානයේ පසුවන්නේ සියයට 57.29ක ජයග්‍රහණ ප්‍රතිශතයකට හිමිකම් කියමිනි. සිවු වැනි ස්ථානයේ පසුවන නවසීලන්තයට සියයට 48.21ක ජයග්‍රහණ ප්‍රතිශතයක් හිමි වෙද්දී පස්වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාවට සියයට 45.45ක ජයග්‍රහණ ප්‍රතිශතයක් හිමි වී ඇත