සැන්ට්නර්ට අලුත් වගකීමක්

නවසීලන්ත එක්දින සහ විස්සයි-20 නිත්‍ය නායකයා මිචෙල් සැන්ට්නර්

International Cricket

25

නවසීලන්ත එක්දින සහ විස්සයි-20 නිත්‍ය නායකයා ලෙස දඟ පන්දු යවන ක්‍රීඩක මිචෙල් සැන්ට්නර් නම් කර තිබේ.

මෙම වසරේ ජූනි මාසයේදී පැවැති විස්සයි-20 ලෝක කුසලානයෙන් අනතුරුව නවසීලන්ත එක්දින සහ විස්සයි-20 නායකයා ලෙසින් කටයුතු කළ කේන් විලියම්සන් එම තනතුරින් ඉවත් වීමට තීරණය කළේය. ඉන් අනතුරුව ක්‍රීඩකයින් කිහිපදෙනෙකු (සැන්ට්නර් ද ඇතුළුව) නවසීලන්ත එක්දින සහ විස්සයි-20 වැඩ බලන නායකයා ලෙසින් කටයුතු කර තිබිණි.
කෙසේ වෙතත් පසුගිය නොවැම්බර් මාසයේදී නිමා වූ නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේදී ද සැන්ට්නර් වැඩ බලන නායකයා ලෙසින් කටයුතු කළේය. එම තරග සංචාරයේදී විස්සයි-20 තරගාවලිය තරග 1-1ක් ලෙසින් සම තත්ත්වයෙන් නිමාවට පත් කර ගැනීමට නවසීලන්තයට හැකි වූ අතර එක්දින තරගාවලියෙන් තරග 2-0ක පරාජයක් අත්විඳීමට නවසීලන්තයට සිදු විය.
එසේ වුවත් මෙම මස 28 වැනිදා සිට ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත එක්දින සහ විස්සයි-20 තරග සංචාරයේ සිට සැන්ට්නර් එරට නිත්‍ය එක්දින සහ විස්සයි-20 නායකයා ලෙසින් කටයුතු කරනු ඇත.
මිචෙල් සැන්ට්නර් මින් පෙර විස්සයි-20 තරගග 24කදී සහ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 4කදී නවසීලන්තය මෙහෙයවා තිබේ.
එසේම සැන්ට්නර්ගේ නිත්‍ය නායකත්වය යටතේ නවසීලන්තය මුහුණදෙන ප්‍රදානතම තරගාවලිය වන්නේ එළැඹෙන 2025 වසරේ පෙබරවාරි මාසයේදී පැවැත්වීමට නියමිතව ඇති අයි.සී.සී. ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියයි.