බුම්රාගෙන් වාර්තාවක්

ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් පිටියේ තවත් වාර්තාවකට හිමිකම් කීමට සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිත් බුම්රා සමත් වී තිබේ.

International Cricket

35

ඒ අනුව ඊයේ (18දා) නිමා වූ ඉන්දියා - ඕස්ටේ්‍රලියා තෙවැනි ටෙස්ට් තරගයේ ඕස්ටේ්‍රලියාවේ දෙවැනි ඉනිමේ උස්මාන් කවාජා දවා ගැනීමත් සමඟින් බුම්රා මෙම වාර්තාව තමන් සතු කර ගත්තේය. එහිදී ඕස්ටේ්‍රලියාවේදී ඉන්දියාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු දවා ගත් පන්දු යවන්නා ලෙසින් බුම්රා වාර්තා අතරට එක් විය.

මෙහිදී බුම්රා ඕස්ටේ්‍රලියාව තුළ බිඳ හෙලා ඇති ටෙස්ට් කඩුලු සංඛ්‍යාව 52කි. මින් පෙර එම වාර්තාවට හිමිකම් කියනු ලැබූයේ ඉන්දියාවෙන් බිහිවූ විශිෂ්ඨතම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙසින් සැළකෙන කපිල් දේව් ඕස්ටේ්‍රලියාවේදී දවා ගෙන තිබූ කඩුලු 51හි වාර්තාවයි.
31 හැවිරිදි ජස්ප්‍රිත් බුම්රා ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 43කදී දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 194කි. එසේම එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තරග 89කදී කඩුලු 149ක් සහ විස්සයි-20 තරග 79කදී කඩුලු 89ක් දවා ගනිමින් බුම්රා දස්කම් දක්වා තිබේ