ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත සංචාරයට අදාළව පැවැත්වෙන විස්සයි-20 තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි.

නවසීලන්ත විස්සයි-20 සටනට ලංකාවෙන් 16ක්

International Cricket

33

ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත සංචාරයට අදාළව පැවැත්වෙන විස්සයි-20 තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය, ක්‍රිකට් ආයතනය මගින් අද  (18දා) නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබීය.

සුපුරුදු පරිදි චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට ඇතුලත් සාමාජිකයන් සංඛ්‍යාව 16කි. එහිදී දිනේෂ් චන්දිමාල්ට සහ කුෂල් ජනිත් පෙරේරාට අවස්ථා හිමිවී තිබීම විශේෂත්වකි. එමෙන්ම ශ්‍රී ලංකා හිටපු නායක දසුන් ශානක වෙනුවට මෙම තරගාවලියේදී ද යොවුන් තුන් ඉරියව් ක්‍රීඩක චමිඳු වික්‍රමසිංහ ශ්‍රී ලංකා සංචිතය වෙත කැඳවීමට පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය සඳහා විස්සයි-20 තරග 3ක් සහ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 3ක් ඇතුළත්ය.
එහි පළමු විස්සයි-20 තරගය මෙම මස 28 වැනිදා ටොරොන්ගා හිදී පැවැත්වීමට නියමිත අතර දෙවැනි තරගය 30 වැනිදා ටොරොන්ගා හිදීම පැවැත්වේ. තෙවැනි සහ අවසන් විස්සයි-20 තරගය නෙල්සන්හිදී ජනවාරි මස 2 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ.
තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ජනවාරි මස 5 වැනිද වෙලිංටන්හිදී පැවැත්වේ. දෙවැනි තරගය ජනවාරි 8 වැනිදා හැමිල්ටන්හිදීත් තෙවැනි තරගය ජනවාරි 11 වැනිදා ඕක්ලන්ඩ්හිදීත් පැවැත්වීමට නියමතව ඇත.
කෙසේ වෙතත් එක්දින තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොතිබීම ද විශේෂත්වයකි.
ශ්‍රී ලංකා සංචිතය - චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුෂල් ජනිත් පෙරේරා, අවිෂ්ක ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සේ, චමිඳු වික්‍රමසිංහ, මතීෂ පතිරණ, නුවන් තුෂාර, අසිත ප්‍රනාන්දු, බිනුර ප්‍රනාන්දු