ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් පළමු වරට සංවිධානය කරනු ලැබූ ලංකා ටී-10 ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම සමත් විය.
ඒ අනුව අවසන් මහා තරගයේදී එතෙක් ලංකා ටී-10 තරගාවලියේ අපරාජිතව සිටි ජැෆ්නා ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 26ක දැවැන්ත ජයක් හිමිකර ගනිමින් හම්බන්තොට බංග්ලා ටයිගර්ස් පිල පළමු ලංකා ටී-10 ශූරතාව හිමිකර ගැනීම කැපී පෙනිණි.
මහනුවර පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනූ ජැෆ්නා ටයිටන්ස් නායක ඩේවිඩ් වීස්, පළමුව පන්දුවට පහරදීම සඳහා හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායමට ආරාධනා කළේය. ඒ අනුව බංග්ලා ටයිගර්ස් පිල සාර්ථක ආරම්භයක් ලඟා කර ගත්ත ද ලකුණු පුවරුව 35ක් ලෙසින් සටහන් වෙද්දී කුසල් ජනිත් පෙරේරා ලකුණු 9කට පිටියෙන් ඉවත් විය. ලකුණු 26ක් රැස්කරගෙන සිටි මොහොමඩ් ශසාඩ් ලකුණු 26කට දුවද්දී දැවී යෑමකට හසු විය. ශබීර් රහමාන් ලකුණු 16කට දැවී ගිය අතර නායක දසුන් ශානකට ලබා ගත හැකි වූයේ ලකුණු 21ක් පමණි. ශෙවෝන් ඩැනියෙල් ලකුණු 26ක් රැස්කරගෙන සිටියදී කඩුල්ල මුවාකිරීමේ වරදට හසුව දැවී ගියේය. ඉසුරු උදානට ලබා ගත හැකි වූයේ එක් ලකුණක් පමණි. කෙනර් ලුවිස් ලකුණු 10ක් ලබා සිටියදී දුවද් දී දැවී ගියේය. ධනංජය ලක්ෂාන් නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 10කි.
ඒ අනුව හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසානයේදී කඩුලු 7කට රැස්කළ ලකුණු සංඛ්‍යාව 133කි.
ජැෆ්නා ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී ටේරවීන් මැතිව් කඩුලු 2ක් දවා ගත් අතර ප්‍රමෝද් මධුෂාන්, මල්ෂ තරුපති සහ ඩ්වේන් ප්‍රිටෝරියස් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.
එම අභියෝගාත්මක ඉලක්කය හඹා යෑමේ ගමනේදී ජැෆ්නා ටයිටන්ස් ලකුණු පුවරුව 21ක් ලෙසින් සටහන් වෙද්දී ඉනිමේ දෙවැනි පන්දුවාරයේදී ටොම් කොලී කැඩ්මෝර් ලකුණු 10කට පළමු කඩුල්ල ලෙසින් දැවී ගියේය. රිචර්ඩ් ග්ලීසන් ක්‍රියාත්මක කළ එම පන්දුවාරයේදීම කුසල් මෙන්ඩිස් ද ලකුණු 11කට ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ග්ලීසන්ට හැකි විය. දරිත් අසලංක තෙවැනි කඩුල්ල ලෙසින් එක් ලකුණකට දැවී යෑමත් සමඟින් ජැෆ්නා ඉනිමේ බිඳවැටීම ඇරඹිනි. පවන් රත්නායක සිවු වැනි කඩුල්ල ලෙසින් ලකුණු 10කට දැවී ගියේය. ජැෆ්නා ටයිටන්ස් නායක ඩේවිඩ් වීස් ලකුණූ ලබා ගැනීමට පෙටියෙන් ඉවත් කිරීමට දසුන් ශානකට හැකි විය. ඩ්වේන් ප්‍රිටෝරියස් ලකුණු 9කට දැවී ගියේ 6 වැනි කඩුල්ල ලෙසිනි. ජැෆ්නා ටයිටන්ස් පිල වෙනුවෙන් හුදෙකලා සටනක නිරත වූ ටොම් ඇබෙල් නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 54කි. ඒ අනුව නියමිත පන්වාර 10 අවසානයේදී ජැෆ්නා ටයිටන්ස් පිලට කඩුලු 6කට ලබා ගත හැකි වූයේ ලකුණු 107ක් පමණි.
හම්බන්තොට කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී රිචර්ඩ් ග්ලීසන් කඩුලු 3ක්, දසුන් ශානක කඩුලු 2ක් සහ ඉසුරු උදාන එක් කඩුල්ලක් දවා ගනිමින් දස්කම් දැක්වීය.
ලකුණු සාරාංශ
හම්බන්තොට බංග්ලා ටයිගර්ස් - 133/7 (10) (මොහොමඩ් ශසාඩ් 26, ශෙවෝන් ඩැනියෙල් 26, දසුන් ශානක 21, ශබීර් රෙහෙමාන් 16, ටේරවීන් මැතිව් 18/2, ප්රෙමෝද් මධුෂාන් 18/1, මල්ෂ තරුපති 22/1, ඩ්වේන් ප්‍රිටෝරියස් 39/1)
ජැෆ්නා ටයිටන්ස් - (ටොම් කොලී කැඩ්මෝර් 10, කුසල් මෙන්ඩිස් 11, ටොම් ඇබෙල් නොදැවී 54, පවන් රත්නායක 10, රිචර්ඩ් ග්ලීසන් 21/3, ඉසුරු උදාන 22/1, දසුන් ශානක 4/2