ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ අතිෂය දුර්වල පිතිකරණ රටාව හේතුවෙන් ඕස්ටේ්‍රලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට අදාළව පැවැත්වෙන වෝන් - මුරලි කුසලාන ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 242ක අවමන් සහගත දැවැන්ත පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකාවට අද (1දා) සිදු විය. ඒ අනුව තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලිය තරග 1-0ක් ලෙසින් පෙරමුණ ගැනීමට ඕස්ටේ්‍රලියාවට හැකි විය.
ඒ අනුව මෙම පරාජය ඉතිහාසයට එක්වූයේ ටෙස්ට් ඉතිහාසය තුළ ශ්‍රී ලංකාව ලද දැවැන්තම පරාජය ලෙසිනි. එපමණක් නොව ශ්‍රී ලංකාවට එරෙහිව ඕසටේ්‍රලියානුවන් ලද දැවැන්තම ටෙස්ට් තරග ජයග්‍රහණය ද මෙයයි.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඕස්ටේ්‍රලියානු නායක ස්ටීවන් ස්මිත් පළමුව ලකුණු රැස්කිරීමට තීරණය කළේය. ඒ අනුව ඕස්ටේ්‍රලියානුවන් පන්දුවාර 154කදී කඩුලු 6ක් දැවී ලකුණු 654ක් රැස්කරගෙන සිටියදී සිය පළමු ඉනිම අත්හිටුවීය. ටෙස්ට් ඉතිහාසය තුළ ඕස්ටේ්‍රලියානු කණ්ඩායමක් ආසියානු කලාපය තුළ ටෙස්ට් ඉනිමක රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින් ද මෙය වාර්තා අතරට එක්විය. සුපිරි පිතිකරණයක නිරත වූ ආරම්භක පිතිකරු උස්මාන් කවාජා තම ටෙස්ට් දිවියේ පළමු ද්විත්ව ශතකය වාර්තා කරමින් ලකුණු 232ක් රැස්කර ගත්තේය. නායක ස්ටීවන් ස්මිත්, ලකුණු 141ක් රැස්කළ අතර එය ස්මිත්ගේ ටෙස්ට් දිවියේ 35 වැනි ශතකයයි. තම මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ජොෂ් ඉංග්ලිෂ් රැස්කළ ලකුණු සංඛ්‍යාව 102කි. ඇලෙක්ස් කේරි නොදැවී ලකුණු 46ක්, ට්‍රැවිස් හෙඩ් ලකුණු 57ක්, බියු වෙබ්ස්ටර් ලකුණු 23ක් සහ මිචෙල් ස්ටාර්ක් නොදැවී ලකුණු 19ක් රැස්කරමින් දස්කම් දැක්වීය. ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී ප්‍රභාත් ජයසූරිය සහ ජෙෆ්රි වැන්ඩර්සේ කඩුලු 3 බැගින් බිඳහෙලීය.
කෙසේ වෙතත් පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවට පන්දුවාර 52.2කදී සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 165කි. එහිදී අනෙක් අන්තයෙන් පිතිකරුවන් එකිනෙදා බිඳවැටෙද්දී ආදර්ශමත් ඉනිමක් ක්‍රීඩා කළ දිනේෂ් චන්දිමාල් ලකුණු 72ක් රැස්කරගත්තේ පන්දු 139කට මුහුණදෙමිනි. නායක ධනංජය ද සිල්වා ලකුණු 22ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 21ක් රැස්කළ අතර සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 20 සීමාවට හෝ ලඟා වීමට නොහැකි විය. ඕස්ටේ්‍රලියාව වෙනුවෙන් පන්දු යැවීමේදී මැතිව් ක්වෙන්මන් කඩුලු 5ක් දවා ගත් අතර නෙදන් ලයන් කඩුලු 3ක් සහ මිචෙල් ස්ටාර්ක් කඩුලු 2ක් බිඳහෙලීය.
ඒ අනුව ඕස්ටේ්‍රලියානු පළමු ඉනිමට වඩා ලකුණු 489ක් පිටුපසින් ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ද සටන් වැදීමට ශ්‍රී ලංකාවට සිදු විය. එහිදී දෙවැනි ඉනිම වෙනුවෙන් ද පන්දුවාර 54.3කදී ශ්‍රී ලංකාවට සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 247ක් පමණි. තමන්ට හුරු පුරුදු ගාල්ල තණතීරුශ්‍රී ලංකා පිතිකරුවන් සියලු දෙනා පාසැල් ක්‍රීඩකයින් මෙන් ඕස්ටේ්‍රලියානු දඟ පන්දු යවන්නන් හමුවේ අන්ත අසරණ වෙද්දී විශිෂ්ඨ පිතිකරණයක නිරත වූ අංක 9 පිතිකරු ජෙෆ්රි වැන්ඩර්සේ ලකුණු 53ක් ලබා ගැනීම කැපී පෙනිණි. ඇන්ජිලෝ මැතිව්ස් ලකුණු 41ක්, දිනේෂ් චන්දිමාල් ලකුණු 31ක්, කමිඳු මෙන්ඩිස් ලකුණු 32ක්, ධනංජය ද සිල්වා ලකුණු 39ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 34ක් රැස්කළ ද ශ්‍රී ලංකාවට ගෞරවාන්විත පරාජයක් අත්කර දීමට එය ප්‍රමාණවත් නොවීය.
දෙවැනි ඉනිමේදී ද දක්ෂ පන්දු යැවීමක නිරත වූ මැතිව් ක්වෙන්මන් සහ නෙදන් ලයන් කඩුලු 4 බැගින් බිඳහෙලූ අතර මිචෙල් ස්ටාර්ක් සහ ටොඩ් මර්ෆි අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.
ඕස්ටේ්‍රලියාව වෙනුවෙන් සුපිරි පිතිකරණයක නිරත වෙමින් ද්විත්ව ශතකයක් රැස්කළ ආරම්භක පිතිකරු උස්මාන් කවාජා තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනා ගත්තේය.
ලකුණු සාරාංශය
ඕස්ටේ්‍රලියා පළමු ඉනිම - 654/6 (154) (උස්මාන් කවාජා 232, ස්ටීවන් ස්මිත් 141, ජොෂ් ඉංග්ලිෂ් 102, ට්‍රැවිස් හෙඩ් 57, ප්‍රබාත් ජයසූරිය 193/3, ජෙෆ්රි වැන්ඩර්සේ 182/3, අසිත ප්‍රනාන්දු 77/0, නිෂාන් පීරිස් 189/0)
ශ්‍රී ලංකා පලමු ඉනිම - 165 (52.2) (දිනේෂ් චන්දිමාල් 72, ධනංජය ද සිල්වා 22, කුසල් මෙන්ඩිස් 21, කමි`ඳු මෙන්ඩිස් 15, මැතිව් ක්වේනමන් 63/5, නෙදන් ලයන් 57/3, මිචෙල් ස්ටාර්ක් 13/2)
ශ්‍රී ලංකා දෙවැනි ඉනිම - 247 (54.3) (ජෙෆ්රි වැන්ඩර්සේ 53, දිනේෂ් චන්දිමාල් 31, ඇන්ජිලෝ මැතිව්ස් 41, කමිඳු මෙන්ඩිස් 32, ධනංජය ද සිල්වා 39, කුසල් මෙන්ඩිස් 34, මැතිව් ක්වෙන්මන් 86/4, නෙදන් ලයන් 78/4, මිචෙල් ස්ටාර්ක් 14/1, ටොඩ් මර්ෆි 57/1)