ශ්‍රී ලංකාවට විදෙස් රග්බි පුහුණුකරුවෙක් ?

ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමට

National Rugby

1000
ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමට විදෙස් පුහුණුකරුවෙකුගේ සේවය ලබා ගැනීමේ සූදානමක් පවතින බව වාර්තා වේ. 
ඒ අනුව ආසියානු රග්බි ශූරතා තරගාවලිය වෙනුවෙන් මෙලෙස විදෙස් රග්බි පුහුණුකරුවෙකුගේ සේවය ලබා ගැනීමට නියමිතව ඇති බවයි. කෙසේ වෙතත් මලයාසියා කණ්ඩායම සමඟින් පැවැති තරගයේදී සහ නවසීලන්ත කිලෝ ග්‍රෑම් 85ට අඩු කණ්ඩායම සමඟින් පැවැති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කළේ ප්‍රවීණ රග්බි පුහුණුකරුවකු වන සනත් මාටිනස් මහතායි. නවසීලන්ත කිලෝ ග්‍රෑම් 85ට අඩු කණ්ඩායම සමඟින් පැවැති තරග දෙකෙන් අනතුරුව පෞද්ගලික හේතුවක් නිසා සනත් මාටිනස් මහතා අදාළ තනතුරින් ඉල්ලා අස්විය. ජාතික ක්‍රීඩා සභාව සමඟින් ඇති වූ මත ගැටුමක් හේතුවෙන් ඔහු මෙම තීරණය ගෙන ඇති බව ද රග්බි ආරංචිමාර්ග සඳහන් කරයි. 
කෙසේ වෙතත් ආසියානු රග්බි ශූරතා තරගාවලිය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම මේ වන විටත් පුහුණුවීම් ආරම්භ කර ඇති බව ද දැනගන්නට ඇත. එසේ වුවත් ඊට ක්‍රීඩකයින්ගේ සහභාගිත්වය අවම මට්ටමක පවතින බව ද පැවැසේ.