ටෙස්ට් තරග දින 4කට සීමා කිරීමේ සූදානමක්

2027-2029 ලෝක ශූරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට අදාළව කුඩා රටවල් ක්‍රීඩා කරන ටෙස්ට් තරග දින 4කට සීමා කිරීමට අයි.සී.සී.ය සළකා බලමින් සිටින බව වාර්තා වේ.

International Cricket

1000

ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් කිහිපයක් මෙලෙස (කුඩා යැයි සැළකෙන) දින 4ක ටෙස්ට් තරග වලට සීමා කළ ද ඉන්දියාව, එංගලන්තය සහ ඕස්ටේ්‍රලියාව සාම්ප්‍රදායික දින 5ක ටෙස්ට් ක්‍රිකට් තරග සඳහා එක්වනු ඇත. 

එසේම ඉහත සඳහන් කළ ආකාරයෙන් කුඩා යැයි සැළකෙන රටවල් සිවු දින ටෙස්ට් තරග සඳහා එක්වන අතරම ඔවුන් වාර්ෂිකව සහභාගි වන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග ප්‍රමාණය අඩු කිරීම සම්බන්ධයෙන් ද අයි.සී.සී.ය අවධානය යොමු කර ඇති බව ද සඳහන්ය. එලෙස එක්දින තරග අඩු කරමින් ඔවුන්ට වැඩි සිවු දින ටෙස්ට් තරග සංඛ්‍යාවක් ලබා දීම අයි.සී.සී.යේ මෙම තීරණයේ අරමුණ වී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තාවන්හි වැඩිදුරටත් දක්වා තිබිණි. 

කෙසේ වෙතත් මින් පෙර 2017 වසරේදී එංගලන්තය, සිම්බාබ්වේ කණ්ඩායම සමඟින් මෙලෙස සිවු දින ටෙස්ට් තරගයක් සඳහාඑක් වූ අතරම 2019 සහ 2023 වසරවලදී අයර්ලන්තය සමඟින් ද සිවු දින ටෙස්ට් තරග සඳහා එක්ව තිබිණි. 

එසේම මෙලෙස සිවු දින තරග ලෙසින් පැවැත්වුව ද එම තරගයේ දිනයක් තුළ ක්‍රියාත්මක කෙරෙන පන්දුවාර සංඛ්‍යාව 98 දක්වා වැඩි කිරීමට යෝජනා කර තිබීම ද විශේෂත්වයකි.