ශ්‍රී ලංකා කණ්ඩායම එළැඹෙන අගෝස්තු මාසයේ සිම්බාබ්වේ තරග සංචාරයක් සඳහා එක්වීමට නියමිත බව ක්‍රිකට් ආයතනය ඊයේ (26දා) නිවේදනය කළේය.
ඒ අනුව අදාළ තරග සංචාරය සඳහා එක්දින තරග 2ක් සහ විස්සයි-20 තරග 3ක් ඇතුළත්ය.
ආගෝස්තු මස 29 වැනිදා පළමු එක්දින තරගය ආරම්භ වීමට නියමිතව ඇති අතර දෙවැනි තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ අගෝස්තු මස 31 වැනිදාය. ඉන් අනතුරුව පළමු විස්සයි-20 තරගය සැප්තැම්බර් මස 3 වැනිදාත් දෙවැනි තරගය සැප්තැම්බර් මස 6 වැනිදාත් පැවැත්වේ. ඉන් අනතුරුව තෙවැනි සහ අවසන් විස්සයි-20 තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ සැප්තැම්බර් මස 7 වැනිදායි.
මෙම තරග සියල්ල හරාරේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්මවීට සැළසුම් කර තිබේ.