T20 නායකත්වයේ නව වෙනසක්

ශ්‍රී ලංකා- බංග්ලාදේශ 20යි 20 නායකත්වයේ වෙනසක්

International Cricket

73

ශ්‍රී ලංකා - බංග්ලාදේශ 20යි 20 තරගාවලියේ පළමු තරග දෙකේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ශ්‍රී ලංකා 20යි 20 උප නායක චරිත් අසලංකට පැවරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කවුන්සලය තීරණය කර ඇති බව මේ වන විට වාර්තා වන අතර ඒ වනිඳු හසරංගට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තරග දෙකක තහනමක් පනවා තිබීම හේතුවෙනි.
ඇෆ්ගනිස්තානය  සමග පැවති 3 වැනි සහ අවසන් 20යි 20 තරගයේදී විනිසුරු ලින්ඩන් හැනිබල් ලබාදුන් තීන්දුවකට තම විරෝධය පළකිරීම හේතුවෙන් ශ්‍රී ලංකා 20යි 20 නිත්‍ය නායක වනිඳු හසරංගට තරග දෙකක තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය පසුගියදා කටයුතු කලහ.
ඒ අනුව එලබෙන මාර්තු 4 වැනිදා බංග්ලාදේශයට එරෙහිව ආරම්භ වීමට නියමිත 20යි 20 තරගාවලියේ පළමු තරග දෙක වනිඳු හසරංගට අහිමිවන අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය  චරිත් අසලංකට පැවරීමට නියමිත බව වාර්තා වේ.
තවද පළමු තරග දෙක සඳහා වනිඳු වෙනුවට ජෙෆ්රි වැන්ඩසේ කණ්ඩායමට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ  අවධානය යොමු වී තිබේ.
තවද ඇෆ්ගනිස්තාන තරගාවලිය අතරතුර ආබාධයකට ලක්වූ පැතුම් නිස්සංක වෙනුවට බංග්ලාදේශය සමඟ පැවැත්වෙන තරගාවලියේදී අවිශ්ක ප්‍රනාන්දු ද කණ්ඩායමට කැදවීමට  නියමිත බවද වාර්තා වේ.
තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා - බංග්ලාදේශ 20යි 20 තරගාවලිය එලබෙන මාර්තු මස 4 වැනිදා  බංග්ලාදේශයේදී ආරම්භ වීමට නියමිතව ඇත.