ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් එහි නවතම ක්‍රීඩක ශේණිගත කිරීම් ඊයේ (13දා) යාවත්කාලීන කර තිබු අතර එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් බොහෝ දෙනෙකු ඉදිරියට පැමිණ තිබිණි.
එනම් ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග විස්සයි-20 පන්දු යවන්නන් අතර දෙවැනි තැනට පැමිණ තිබුණේ පියවර 4ක් ඉදිරියට එමිනි. එහිදී වනිඳුට හිමිව ඇති ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාව 696ක් වන අතර පළමු ස්ථානයේ රැඳී සිටින එංගලන්තයේ අදිල් රෂීඩ්ට ශ්‍රේණිගත ලකුණු 725ක් හිමිව තිබේ.
මහීෂ් තීක්ෂණ, විස්සයි-20 පන්දු යවන්නන් අතර සිවු වැනි ස්ථානයේ පසුවෙයි. එසේම මතීෂ පතිරණ විස්සයි-20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ පියවර 22ක් ඉදිරියට පැමිණ 31 වැනි ස්ථානය හිමිකරගෙන ඇත. එලෙසම නුවන් තුෂාර ද පියවර 28ක් ඉදිරියට පැමිණෙමින් විස්සයි20 පන්දු යවන්නන් අතර 48 වැනි ස්ථානය හිමිකරගෙන ඇත.
විස්සයි-20 පිතිකරුවන් අතර, පැතුම් නිස්සංක 8 වැනි ස්ථානය හිමිකරගෙන තිබේ. කුසල් මෙන්ඩිස්, 15 වැනි ස්ථානය දක්වා පියවර 3ක් පසුබැස තිබිණී. එසේ නමුත් චරිත් අසලංක පියවර 2ක් ඉදිරියට පැමිණ 37 වැනි ස්ථානය හිමිකරගෙන ඇත.
මේ අතර එක්දින පන්දු යවන්නන් අතර මහීෂ් තීක්ෂණ 12 වැනි ස්ථානයේ පසුවන අතර වනිඳු හසරංග 18 වැනි ස්ථානය දක්වා එක් පියවරක් පසුබැස තිබේ. දිල්ෂාන් මධුසංක 41 වැනි ස්ථානයේ පසුවෙද්දී දුනිත් වෙල්ලාලගේ 50 වැනි ස්ථානය දක්වා එක් පියවරක් ඉදිරියට පැමිණ තිබිණි.
එසේම එක්දින පිතිකරුවන් අතර පැතුම් නිස්සංක 7 වැනි ස්ථානයේ පසුවෙද්දී චරිත් අසලංක එක් පියවරක් ඉදිරියට පැමිණෙමින් 9 වැනි ස්ථානය හිමිකරගෙන ඇත. කුසල් මෙන්ඩිස් 35 වැනි ස්ථානයේත් සධීර සමරවික්‍රම 42 වැනි ස්ථානයේත් පසුවෙයි.