ඉන්දීය කණ්ඩායමේ දකුණු අප්‍රිකානු තරග සංචාරය වෙනුවෙන් පැවැති තෙවැනි විස්සයි-20 තරගය

ඉන්දියාවට පහසු ජයක්

International Cricket

9

ඉන්දීය කණ්ඩායමේ දකුණු අප්‍රිකානු තරග සංචාරය වෙනුවෙන් පැවැති තෙවැනි විස්සයි-20 තරගයෙන් ද ලකුණු 11ක ජයක් හිමිකර ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (14දා) සමත් විය. ඒ අනුව තරග 4කින් යුත් විස්සයි-20 තරගාවලිය තරග 2-1ක් ලෙසින් පෙරමුණ ගැනීමට ඉන්දීය කණ්ඩායමට හැකි විය.

දකුණු අප්‍රිකාවේ සෙන්චූරියන්හිදී පැවැති එම තරගයේ පළමුව ලකුණු රැස්කළ ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6කට රැස්කළ ලකුණු සංඛ්‍යාව 219කි. එහිදී ඉන්දියාව වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ තිලක් වර්මා පන්දු 56කදී නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 107කි. අභිෂේක් ෂර්මා ලකුණු 50ක් ලබා ගත්තේය. දකුණු අප්‍රිකාව වෙනුවෙන් පන්දු යැවීමේදී අඩිලේ සිම්ලේන් සහ කේෂව් මහාරාජ් කඩුලු 2 බැගින් බිඳහෙලීය.
කෙසේ වෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාවට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7කට රැස්කළ හැකි වූයේ ලකුණු 208ක් පමණි. හුදෙකලා සටනක නිරත වූ මාර්කෝ ජැන්සෙන් ලකුණු 54ක් රැස්කළ අතර හෙන්රිච් ක්ලාසෙන් ලකුණු 41ක් ලබා ගත්තේය. නායක එයිඩන් මාර්කම්ට ලබා ගත හැකි වූයේ ලකුණු 29ක් පමණි. ඉන්දියාව වෙනුවෙන් පන්දු යැවීමේදී අර්ෂදීප් සිං කඩුලු 3ක් දවා ගත් අතර වරුන් චක්‍රවර්ති කඩුලු 2ක් දවා ගත්තේය