රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා - නවසීලන්ත විස්සයි-20 තරගාවලියේදී සිදුවූ ප්‍රවේශපත්‍ර ජාවාරමක් පිළිබඳ තොරතුරු වාර්තා වේ.
ඒ අනුව අදාළ තරගාවලිය වෙනුවෙන් ක්‍රියාත්මක වූ ප්‍රවේශපත්‍ර කවුළු මගින් නිකුත් කරන ලද රු.500, රු.1000 හා රු.2000 ප්‍රවේශපත්‍ර මෙලෙස කූට ජාවාරම්කරුවන් මිලදීගෙන දේශීය විදේශීය ක්‍රීඩාලෝලීන් හට වැඩිමිලට අලවි කර ඇති බව දැනගන්නට තිබේ. මෙම ජාවාරම් කරුවන් දේශීය හා විදේශීය ක්‍රීඩා ලෝලීන් හට රු 500ක වටිනාකම සහිත ප්‍රවේශපත්‍රයක් රු. 1500 කටත්, රු .1000ක වටිනාකම සහිත ප්‍රවේශපත් රු. 2000ටත් රු. 2000ක ප්‍රවේශපත්‍රයක් රු. 5000කටත් වශයෙන් අළවිකරන බවට ක්‍රීඩාලෝලීන් පවසති.
මේ අතර තරග පැවත්වෙන දිනවල ක්‍රීඩාංගනයේ ආසන්නයේ වෙලදාම් කටයුතු සිදුකරණ ඇතැම් වෙළදුන් මෙම ජාවාරම සිදුකරමින් සිටින බව ද පැවැසේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම ප්‍රවේශපත් මාෆියාව නවතා දැමීම වෙනුවෙන් ඉදිරි තරග පැවැත්වෙන දිනවල විශේෂ අවධානයක් යොමු කරමින් කටයුතු කරන බවත් මෙම ජාවරම්කරුවන් නීතීයේ රැහනට හසුකර ගෙන පොලීසියට භාරදීමට කටයුතු කිරීමට සූදානම් වන බවත් සඳහන්ය.
කෙසේ වෙතත් තරග පැවත්වෙන දිනවලදී රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේ සිට දඹුල්ල නගරය දෙසට මිටර් 400ක් දුරින් පිහිටා ඇති ප්‍රවේශපත් කවුළුවෙන් පමණක් ප්‍රවේශපත් ලබා ගන්නා ලෙසත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩා ලෝලි ජනතාවට දන්වා සිටියි