ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් පළමු වරට සංවිධානය කරනු ලබන ලංකා ටී-10 ලීග් ක්‍රිකට් තරගාවලිය එළැඹෙන දෙසැම්බර් මස 11 වැනිදා ආරම්භ කිරීමට සැළසුම් කර තිබේ. ඒ අනුව එහි සමාරම්භක උළෙල එදින සවස 2.45ට ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. එසේම මෙම තරගාවලියේ සියලු තරග මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැළසුම් කර තිබීම ද විශේෂත්වයකි.
එහි නිල තරග කාලසටහන ක්‍රිකට් ආයතනය මගින් ඊයේ (13දා) නිවේදනය කර තිබූ අතර එම තරගාවලිය සඳහා ජැෆ්නා ටයිටන්ස්, හම්බන්තොට බංග්ලා ටයිගර්ස්, නුවරඑළිය කිංස්, කලම්බු ජගුවර්ස්, කැන්ඩි බෝල්ට්ස් සහ ගෝල් මාවල්ස් කණ්ඩායම් සහභාගි වීමට නියමිතව තිබේ.
එහි මූලික වටයේදී ජැෆ්නා ටයිටන්ස්, හම්බන්තොට බන්ග්ලා ටයිගර්ස් සහ නුවර එළිය කිංස් පිල ‘ඒ’ කාණ්ඩයෙන් තරග වැදීමට නියමිතව ඇත. ‘බී’ කාණ්ඩයට ඇතුළත් කණ්ඩායම් වන්නේ කලම්බු ජගුවර්ස්, කැන්ඩි බෝල්ට්ස් සහ ගෝල් මාවල්ස්ය.
ඊයේ නිකුත් කළ තරග කාලසටහනට අනුව අවසන් වටයේ පළමු තරගය දෙසැම්බර් 18 වැනිදා පස්වරු 4.00ට පැවැත්වීමට සැළසුම් කර තිබේ. ඉන් අනතුරුව එදිනම පස්වරු 6.15ට අවසන් වටයේ දෙවැනි තරගය පැවැත්වීමට නියමිතව ඇත. එසේම අවසන් වටයේ තෙවැනි තරගය ද එදින රාත්‍රී 8.30ට පැවැත්වීමට සැළසුම් කර තිබීම ද විශේෂත්වයකි.
මෙම තරගාවලියේ අවසන් මහා තරගය දෙසැම්බර් මස 19 වැනිදා සවස 5.30ට පැවැත්වෙන අතර සමාප්ති උළෙල එදින රාත්‍රී 7.45ට පැවැත්වීමට සැළසුම් කර ඇති බව ද සඳහන්ය.