තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තය බලා පිටත්ව යයි .

ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තයට

International Cricket

128

නවසීලන්තය සමඟින් පැවැත්වීමට නියමිත එක්දින සහ විස්සයි-20 තරගාවලියට එක්වීමේ අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අද (21දා) අලුයම නවසීලන්තය බලා පිටත්ව ගියේය.

එහිදී ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම මෙලෙස නවසීලන්තය බලා පිටත්ව ගොස් තිබිණි.
මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම කොටස් දෙකක් වශයෙන් නවසීලන්තය බලා පිටත්ව ගිය අතර එහි පළමු කොටස පසුගියදා (19 දා) රාත්‍රියේ පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සර්ව ආගමික වතාවත්වලට සහභාගිවීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ බලා ගමන් ඇරඹීය