පාකිස්තාන හිටපු නායක යූනිස් ඛාන් ඇෆ්ගනිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශකවරයා වශයෙන් පත් කර ඇති බව වාර්තා වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉළක්ක කර ගනිමින් මෙම පත්වීම සිදු කර ඇති බවයි. එසේම මින් පෙර 2022 වසරේදී ද යූනිස් ඛාන්, ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරුවා ලෙසින් කටයුතු කළේය.
කෙසේ වෙතත් එළැඹෙන පෙබරවාරි මස 19 වැනිදා පාකිස්තානයේ දී ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට නියමිතව ඇති අතර, යූනිස් ඛාන් පෙබරවාරි මස මුල් සතියේදී ඇෆ්ගනිස්තාන ඛණ්ඩායමේ වගකීම භාරගැනීමට නියමිත බවද සඳහන්ය.
මේ විට 47 හැවිරිදි වියේ පසුවන යූනිස් ඛාන්, පාකිස්තානය වෙනුවෙන් ටෙස්ට් තරග 118ක්, එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 265ක් සහ විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරග 25ක් ක්‍රීඩා කර තිබේ. ඊට අමතරව 2009 වසරේදී විස්සයි-20 ලෝක ශූරයින් ලෙසින් සම්මාන ලැබූ පාකිස්තාන කණ්ඩායමේ නායකත්වයේ වගකීම දරුවේද යූනිස් ඛාන් වීම විශේෂත්වයකි.
ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීමෙන් අනතුරුව පාකිස්තන කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරුවා ලෙසින් ද යූනිස් ඛාන් කෙටි කලක් කටයුතු කළේය. ඊට අමතරව පාකිස්තාන සුපර් ලීග් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදී පෙෂාවර් සල්මි කණ්ඩායමේ පුහුණු කාර්යමණ්ඩල සාමාජිකයකු ලෙසත් අබු ඩාබි ටී-10 ලීග් ක්‍රිකට් තරගාවලියේදී බංග්ලා ටයිගර්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා ලෙසින් ද යූනිස් ඛාන් මෑතකදී කටයුතු කළේය.