ජාත්‍යන්තර ලීග් විස්සයි-20 තරගාවලිය කුසල්ගේ පිතිහරඹයෙන් මුම්බායට ජය

වේරියස් සහ මුම්බායි ඉන්දියන්ස් එමිරේට්ස් අතර තරගය කඩුලු 10කින් මුම්බායි ඉන්දියන්ස් එමිරේට්ස්ට ජය

International Cricket

55
 එක්සත් අරාබි එමිර් රාජ්‍ය ක්‍රිකට් ආයතනයෙන් සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර ලීග් විස්සයි-20 තරගාවලියේ පෙරේදා (19දා) පැවැති සාජා වේරියස් සහ මුම්බායි ඉන්දියන්ස් එමිරේට්ස් අතර  තරගය කඩුලු 10කින් ජයග්‍රහණය කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්  විය.
කාසිය වාසිය දිනු මුම්බායි ඉන්දියන්ස් එමිරේට්ස් කණ්ඩායමේ නායක නිකෝලස් පුරන් ප්‍රථම පන්දු යැවීමට තීරණය කළේය. ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පැමිණි සාජා වේරියස් කණ්ඩායම පන්දු වාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 179ක් පමණි. සාජා  වේරියස් වෙනුවෙන්  ජොන්සන් චාල්ස් පන්දු 42කදී ලකුණු 59ක් සහ අවිශ්ක ප්‍රනාන්දු පන්දු 17කදී හයේ පහර 4ක් සහ හතරේ පහර 3ක් එල්ල කරමින් වේගවත් ලකුණු 39ක් ලබා ගත්තේය. පන්දු යැවීමේදී මුම්බායි ඉන්දියන්ස් එමිරේට්ස් කණ්ඩායම වෙනුවෙන් ෆසාල්හක් ෆාරුකි විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු 4ක්, අල්සාරි ජෝසප් කඩුලු 2ක්, රෝමාරියෝ ෂෙපර්ඩ් කඩුලු 1ක් සහ වකාර් සලාම්කීල් කඩුලු 1ක් ලබා ගැනීමට සමත් විය.
ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 177ක අසීරු ඉලක්කයක් ලබා ගැනීමට පැමිණි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 12ක් ලබා සිටි මොහොමඩ් වාසිම් දැවී ගියේය. ජයග්‍රහණය වෙනුවෙන් දෙවැනි කඩුල්ලේ සම්බන්ධතාව පන්දු 87කදී ලකුණු 150ක සම්බන්ධතාවක් රැගෙන යමින් කුසල් ජනිත් පෙරේරා පන්දු 42කදී හයේ පහර 1ක් සහ හතරේ 6ක් එල්ල කරමින්  ලකුණු 56ක් ලබා ගැනීමට සමත් වූ අතර ටොම් බැන්ටන් පන්දු 55කදී හයේ පහර 6ක් සහ හතරේ පහර 10ක් එල්ල කරමින් ලකුණු 102ක් ලබා ගනිමින් ශතකයක් වාර්තා කිරීමට සමත් විය. පන්දු යැවීමේදී සාජා වේරියස් වෙනුවෙන් ඩිල්ෂාන් මධුසංක එක කඩුල්ලක් ලබා ගත්තේය. සාජා වේරියස් කණ්ඩායමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ලබා ගැනීමේ හැකි වූයේ ඩිල්ෂාන් මධුසංක ලබා ගත් කඩුල්ල පමණි.
ඒ අනුව පන්දු වාර 17.4කදී ලකුණු 177ක් වාර්තා කරමින් කඩුලු 09ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් එමිරේට්ස් කණ්ඩායම සමත් විය. තරගයේ වීරයා සම්මානය පන්දු 55කදී ලකුණු 102ක් ලබා ගත් ටොම් බැන්ටන් ලබා ගත්තේය.