කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීරණ අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික කමාන්ඩර් රංජිත් විමලරත්න මහතා පත් කර තිබේ.
මෙම තනතුරට අදාළ පත්වීම් ලිපිය ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතින් එම අමාත්‍යාංශයේදී රංජිත් විමලරත්න මහතා වෙත ඊයේ (20ාදා) පිරිණමනු ලැබීය. මෙලෙස පත්වීම් ලිපි පිරිණැමීමේ අවස්ථාවට ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න සහ තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා ද එක්ව සිටියහ.
කැළණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධරයකු වන විමලරත්න මහතා වසර 25ක කාලයක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කර ඇත.