මලයාසියාවේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලිය ඊයේ (2දා) නිමාවට පත් වූයේ ඉන්දීය කණ්ඩායමට එහි ශූරතාව හිමිකර දෙමිනි.
කෙසේ වෙතත් එම තරගාවලිය නිමාවට පත් වීමෙන් අනතුරුව එම තරගාවලියේ කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් නිවේදනය කර තිබිණි. ඊට ඇතුළත් වීමට ශ්‍රී ලංකාවෙන් වරම් ලබා තිබුනේ යොවුන් දඟ පන්දු යවන්නියක වන චමෝදි ප්‍රබෝධා පමණක් වීම විශේෂත්වයකි.
තවමත් 15 හැවිරිදි වියේ පසුවන චමෝදි මෙවර වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව එක්වූ තරග 4හිදීම කඩුලු දවා ගනිමින් දස්කම් දැක්වූවාය. ඒ අනුව මෙම තරගාවලියේදී කඩුලු 9ක් දවා ගෙන තිබූ ඇය එහිදී සටහන් කර තිබූ හොඳම පන්දු යැවීම ලකුණු 5කට කඩුලු 3කි. මලයාසියා කණ්ඩායමට එරෙහිව ඇය එම දස්කම දැක්වීය. ඊට අමතරව බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමඟින් පැවැති තරගයේදී ද ලකුණු 16කට කඩුලු 3ක් දවා ගනිමින් චමෝදි දස්කම් දැක්වූවාය.
මෙම කණ්ඩායමේ නායකත්වය හිමි වී ඇත්තේ දකුණු අප්‍රිකානු ක්‍රීඩිකා කයාලා රෙනිකේටයි.
මෙවර වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන කණ්ඩායම සඳහා ඉන්දීය ක්‍රීඩිකාවන් සිවු දෙනෙකු ඇතුළත්ව සිටීම කැපී පෙනෙන සිදුවීමකි. එසේම මෙවර අනුශූරතාව දිනා ගත් දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් දෙදෙනෙකු ද මෙම ලෝක කුසලාන කණ්ඩායමට එක්වීමට අවස්ථාව උදාකරගෙන තිබිණි. ඊට අමතරව එංගලන්ත ක්‍රීඩිකාවන් දෙදෙනෙක්, ඕස්ටේ්‍රලියානු ක්‍රීඩිකාවක් සහ නේපාල ක්‍රීඩිකාවක් ද මෙම 19න් පහළ ලෝක කුසලාන කණ්ඩායමට එක්වීමට වරම් හිමිකර ගෙන තිබීම කැපී පෙනේ.
19න් පහළ බාලිකා ලෝක කුසලාන කණ්ඩායම - ගොන්ගාඩි ත්‍රිෂා (ඉන්දියාව), ජෙම්මා බෝතා (දකුණු අප්‍රිකාව), ඩෙවිනා පෙරින් (එංගලන්තය), ජී. කමලිනී (ඉන්දියාව), කැවෝමි බ්‍රේ (ඕස්ටේ්‍රලියාව), පූජා මහේතෝ (නේපාලය), කයාලා රෙනිකේ - නායිකාව (දකුණු අප්‍රිකාව), කාටි ජෝන්ස් (එංගලන්තය), ආයුෂි ශුක්ලා (ඉන්දියාව), චමෝදි ප්‍රබෝධා (ශ්‍රී ලංකාව), වහිෂ්නාවි ෂර්මා (ඉන්දියාව), න්තැබේසෙන් නිනි (දකුණු අප්‍රිකාව).