අයි.සී.සී. පිරිමි ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි යාවත්කාලීන අද (5දා) නිකුත් කෙරුණි. ඒ අනුව ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවන් අතර 7 වැනි ස්ථානයේ රැඳී සිටි කමිඳු මෙන්ඩිස් 6 වැනි ස්ථානය තෙක් ඉදිරියට පැමිණ තිබේ. මෙය කමිඳු සිය ටෙස්ට් ක්‍රිකට් තරග දිවියේ ලැබූ ඉහළම ස්ථානය වෙයි. මෙහි 13 වැනි ස්ථානයේ රැඳී සිටි දිනේෂ් චන්දිමාල්ගේ ස්ථානය ආරක්ෂා වී ඇති අතර 14 වැනි ස්ථානයේ රැඳී සිටි ධනංජය ද සිල්වා 15 වැනි ස්ථානය තෙක් පහළ වැටී තිබේ. මෙහි 21 වැනි ස්ථානයේ රැඳී සිටි ඇන්ජලෝ මැතිව්ස් සිය ස්ථානය ආරක්ෂා කර ගනිද්දී හෙට (6දා) සිය අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන දිමුත් කරුණාරත්න 24 වැනි ස්ථානයේ සිට 27 වැනි ස්ථානය තෙක් පහළ බැස තිබේ.
විස්සයි-20 පිතිකරුවන් අතර 7 වැනි ස්ථානයේ සිටි පැතුම් නිස්සංක 8 වැනි ස්ථානයටත්,12 වැනි ස්ථානයේ රැඳී සිටි කුසල් මෙන්ඩිස් 13 වැනි ස්ථානයටත් පහළ බැස තිබේ. 10 වැනි ස්ථානයේ රැඳී සිටි කුසල් පෙරේරා සිය ස්ථානය ආරක්ෂා කර ගෙන තිබේ. මෙහි 40 වැනි ස්ථානයේ පසු වූ අභිෂේක් ෂර්මා ස්ථාන 38ක් ඉදිරියට පැමිණ 2 වැනි ස්ථානයට පත් වීමද කැපී පෙනෙයි.
ටෙස්ට් පන්දු යවන්නන් අතර 9 වැනි ස්ථානයේ රැඳී සිටි ප්‍රභාත් ජයසූරිය 10 වැනි ස්ථානයටත් 15 වැනි ස්ථානයේ රැඳී සිටි අසිත ප්‍රනාන්දු 20 වැනි ස්ථානයටත් පහළ බැස ඇත. මෙහි 3 වැනි ස්ථානයේ රැඳී සිටි කාගිසෝ රබාඩා 2 වැනි ස්ථානයට උසස් වී තිබේ.
විස්සයි-20 පන්දු යවන්නන් අතර 3 වැනි තැන රැඳී සිටි වනිඳු හසරංග 4 වැනි ස්ථානයට පත් වෙද්දී 7 වැනි ස්ථානයේ රැඳී සිටි මහීෂ් තීක්ෂ්ණ සිය ස්ථානය ආරක්ෂා කරගෙන තිබේ. මෙහි 2 වැනි තැන රැඳී සිටි කොදෙව් ක්‍රීඩක අකීල් හුසේන් 1 වැනි ස්ථානයට පත් වීමද කැපී පෙනේ. විස්සයි-20 තුන්ඉරියව් ක්‍රීඩකයින් අතර 6 වැනි ස්ථානයේ රැඳී සිටි වනිඳු සිය ස්ථානය ආරක්ෂා කර ගෙන තිබේ.