ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ටෙස්ට් පිටියට සමුදීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව අනිද්දා ආරම්භ වන වෝන් - මුරලි කුසලාන ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්‍රලියාව අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය, දිමුත් ක්‍රීඩා කරන අවසන් ටෙස්ට් තරගය වනු ඇතැයි සඳහන්ය. එසේම එය දිමුත් කරුණාරත්න ක්‍රීඩා කරන 100 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ලෙසින් ද වාර්තා අතරට එක් වේ.
මේ අතර අන්තර් ක්‍රීඩා සමාජ ලීග් ක්‍රික්ට් තරග සඳහා ද සමුදීමට මෙම තීරණයත් සමඟින් දිමුත් තීරණය කර තිබීම විශේෂත්යයකි. මෙම මස 14 වැනිදා සිට 16 වැනිදා දක්වා කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අන්තර් ක්‍රීඩා සමාජ තෙදින ක්‍රිකට් තරගාවලියේ එස්.එස්.සී. සහ එන්.සී.සී. කණ්ඩායම අතර තරගය දිමුත් ක්‍රීඩා කරන අවසන් දේශීය ක්‍රික්ට් තරගය බවට පත්වනු ඇත.
2024 වසරේදී ටෙස්ට් පිටියේ දිමුත්ට තම සුපුරුදු සාර්ථකත්වයට ලඟා වීමට නොහැකි විය. එම නිසා ටෙස්ට් කණ්ඩායමේ දිමුත්ගේ ස්ථානය පිළිබඳව ද යම් කථාබහක් නිර්මාණය විය. කෙසේ වෙතත් තමන්ට සුපුරුදු දස්කම් අතරට ලඟා වීමට නොහැකි වීමත් 2025 වසරේ දී ශ්‍රී ලංකාවට අවම ටෙස්ට් තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කිරීමත් සළකා දිමුත් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය.
මේ වන විට 36 හැවිරිදි වියේ පසුවන දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකාව වෙනුවනේ මේ වන විට ටෙස්ට් ක්‍රිකට් තරග 99කට ක්‍රීඩා කර තිබේ. එහිදී ඉනිම් 189කදී ලකුණු 7172ක් රැස්කරගෙන ඇති ඔහු ශතක 16ක් සහ අර්ධ ශතක 39ක් වාර්තා කර තිබීම ද විශේෂත්වයකි. 2012 වසරේදී පැවැති නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචරයේදී දිමුත් පළමු වරට ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිකර ගත්තේය. ඉන් අනතුරුව 2019 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරයේදී දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට පත් වීය.
ඊට අමතරව දිමුත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කර ඇති එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග සංඛ්‍යාව 50කි. එහිදී ශතකයක් සහ අර්ධ ශතක 11ක් සමඟින් දිමුත් රැස්කරගෙන ඇති මුළු ලකුණු සංඛ්‍යාව 1316කි. එසේම 2019 වසරේ පැවැති එක්දින ලෝක කුසලානයට පෙර දිමුත් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය සඳහා නම් කිරීමට ද එවකට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගනු ලැබීය.