බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් අත්හැර හෂාන් ලංකාවට

බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු එම තනතුරෙන් ඉල්ලා අස්වෙයි .

Womens Cricket

56

බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ හෂාන් තිලකරත්න අද (5දා) එම තනතුරෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කළේය. 2022 ඔක්තෝබර් මාසයේදී හෂාන් තිලකරත්න එම තනතුරට පත් වූයේ වසර දෙකක සේවා කොන්ත්‍රාත් පදනමක් යටතේය. හෂාන් මෙම තනතුරට පත් වන්නේ බංග්ලාදේශ සිවිල් අරගලවලට පෙර පැවැති ක්‍රිකට් පාලක මණ්ඩලය යටතේ හෂාන් තිලකරත්න බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් පිලේ පුහුණුකරු ධුරයට පත් විය.

කෙසේ නමුත් සිවිල් අරගවලින් පසුව බලයට පත් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය හෂාන්ගේ කොන්ත්‍රාත්තුව අලු‍ත් කිරීමට උනන්දුවක් නොදැක්වූ බව වාර්තා වෙයි. ඔහුගේ කොන්ත්‍රාත් කාලය පසුගියදා නිමා වූ කොදෙව් - බංග්ලාදේශ විස්සයි-20 සහ එක්දින තරගාවලිය දක්වා පමණක් දීර්ඝ කිරීමට පමණක් වත්මන් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය එකඟ විය. කෙසේ නමුත් එම තරග මාලාව බංග්ලාදේශ කණ්ඩායම පරාජය විය. කෙසේ නමුත් බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ මීළඟ පුහුණුකරු ලෙස බංග්ලාදේශ පුහුණුකරුවකු පත් කිරීමට අවධානය යොමු කර ඇති බවද වාර්තා වෙයි.