ගුරුකුළ ක්‍රිකට් තරු ඇගැයේ

2024/25 පාසැල් ක්‍රිකට් තරගාවලියේදී සුපිරි දස්කම් දැක්වූ කැළණිය ගුරුකුල විද්‍යාලයේ වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම,

School Cricket

112

2024/25 පාසැල් ක්‍රිකට් තරගාවලියේදී සුපිරි දස්කම් දැක්වූ කැළණිය ගුරුකුල විද්‍යාලයේ වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම, පුහුණුකරුවන් සහ ක්‍රිකට් භාර ආචාර්යවරයා ඇගැයීමේ විශේෂ උත්සවයක් ඊයේ (1දා) පෙරවරුවේදී පැවැත්විණි. 

ගුරුකුල විදුහල් ආදි ශිෂ්‍ය සංගමය විසින් මෙම කටයුත්ත සංවිධානය කර තිබිණි. ගුරුකුල විදුහල් 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 19 දෙනෙකු, පුහුණුකරු, සහාය පුහුණුකරුවන් දෙදෙනෙකු සහ ක්‍රිකට් ක්‍රීඩා භාර ආචාර්යවරයා මෙහිදී සමම්ානයට පාත්‍ර විය. කැලණිය ගුරුකුල විදුහලේ විදුහල්පති ආචාර්ය කුසල ප්‍රනාන්දු මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙසින් සහභාගි විය. 

කැළණිය ගුරුකුල විදුහල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායම 2024/25 පාසැල් ක්‍රිකට් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේදී පළමු කාණ්ඩයේ ‘ඒ’ කොටසේ අවසන් පූර්ව වටයට පිවිසුනේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාසැල් ක්‍රිකට් කණ්ඩායම් රැසක් පරාජයට පත් කරමිනි.