ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කරනු ලබන එන්.එස්.එල්. සිවුදින ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ගාල්ල කණ්ඩායම මේ වන විට සමත් වී තිබේ.
ඒ අනුව ගාල්ල කණ්ඩායම මෙතෙක් පැවැති තරග දෙකෙන් එක් තරගයක් ජයගෙන අනෙක් තරගය ජය පරාජයෙන් තොරව නිමා කර ගනිමින් ප්‍රසාද ලකුණු 27.951ක් හිමිකරගෙන ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනිද්දී දෙවැනි ස්ථානය දඹුල්ල කණ්ඩායම හිමිකරගෙන ඇත. දඹුල්ල කණ්ඩායම මෙතෙක් සහභාගි වූ තරග දෙකෙන් එක් තරගයක් ජයගෙන එක් තරගයක් ජය පරාජයෙන් තොරව නිමාකරගෙන ඇති අතර ඔවුන්ට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 23.248කි.
එසේම මහනුවර කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයත් කොළඹ කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ සිවු වැනි ස්ථානයත් හිමිකරගෙන තිබේ.
කෙසේ වෙතත් තරග 2කට සහභාගි වුවද එක් තරගයක් පරාජයට පත්ව එක් තරගයක් ජය පරාජයෙන් තොරව නිමා කර ගෙන තිබුණ ද යාපනය කණ්ඩායමට හිමිව ඇත්තේ ප්‍රසාද ලකුණු සටහනේ පස් වැනි ස්ථානයයි.
මේ අතර මෙතෙක් තරගාවලියේ ඉනිම 4කදී කඩුලු 22ක් දවාගෙන ඇති දඹුල්ල කණ්ඩායමේ අකිල ධනංජය පන්දු යවන්නන් අතර පෙරමුණ ගෙන තිබීම විශේෂත්වයකි. පන්දු යවන්න්න අතර දෙවැනි ස්ථානය කඩුලු 11 ක් දවාගෙන ඇති මහනුවර කණ්ඩායමේ චමිඳු වික්‍රමසිංහටත් තෙවැනි ස්ථානය කොළඹ කණ්ඩායමේ නිෂාන් පීරිස්ටත් හිමිවී තිබේ.
එසේම ඉනිම 4කදී ලකුණු 423ක් රැස්කරගෙන දස්කම් දක්වා ඇති යාපනය කණ්ඩායමේ රවිඳු රෂන්ත පිතිකරූවන් අතර පෙරමුණ ගෙන තිබීම කැපී පෙනෙන සිදුවීමකි. ඊට අමතරව පිතිකරුවන් අතර දෙවැනි ස්ථානය ලකුණු 366ක් රැස්කරගෙන ඇති මහනුවර පිලේ කමිල් මිෂාරටත් තෙවැනි ස්ථානය කොළඹ කණ්ඩායමේ අවිෂ්ක ප්‍රනාන්දුටත් හිමි වී තිබේ.