ඉන්දියාවේදී පැවැති දකුණු ආසියානු යොවුන් පාපන්දු තරගාවලියේ මූලික වටයෙන්ම ඉවත් වීමට ශ්‍රී ලංකා යොවුන් පාපන්දු කණ්ඩායමට පෙරේදා (11දා) සිදු විය.
ඒ අනුව නේපාල කණ්ඩායම සමඟින් පැවැති තරගයේදී ගෝල 5-0ක පරාජයකට මුහුණදීම නිසා ශ්‍රී ලංකාවට මෙම ඉරණම අත්වීම කණගාටුවට කරුණකි. ඒ අනුව මූලික වටයේ ශ්‍රී ලංකාව මුහුණදුන් තරග දෙකෙන්ම පරාජයට පත්වීම නිසා එහි දෙවැනි වටයට පිවිසීමේ අවස්ථාව ශ්‍රී ලංකා යොවුන් පාපන්දු කණ්ඩායමට අහිමි විය.
කෙසේ වෙතත් මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව මුහුණදුන් පළමු තරගයෙන් ද ගෝල 8-0ක දැවැන්ත පරාජයක් අත්විඳගත්තේය. එහි ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් බවට පත් වූයේ ප්‍රබල ඉන්දීය යොවුන් කණ්ඩායමයි