යුරෝපා ලා ලිගා ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ රියල් මැඩ්රිඩ් සමාජය නියෝජනය කරන කයිලියන් එම්බාපේ පසුගියදා රියල් සොසීඩාඩ් සමාජයට එරෙහිව ද්විත්ව ගෝලයක් වාර්තා කරමින් රන් සපත්තුවට හිමිකම් කීවේය. එම්බැපේගේ මෙම දස්කම් සමඟ රියල් මැඩ්රිඩ් සමාජය එම තරග ගෝල් 2-0ක් ලෙස ජය ගත්තේය. ඒ අනුව රියල් මැඩ්රිඩ් සමාජය වෙනුවෙන් රන් සපත්තුව දිනා ගත් තෙවැනි ක්‍රීඩකයා ලෙස එම්බැපේ වාර්තා පොත් අලුත් කළේය.
මීට පෙර හියුගෝ සැන්වෙස් සහ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ රියල් මැඩ්රිඩ් සමාජය වෙනුවෙන් මෙම සම්මානය දිනා ගෙන තිබේ. ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ අවස්ථා තුනකදී මෙම සම්මානය ජයග්‍රහණය කිරීම විශේෂත්වයකි. යුරෝපා ලා ලිගා ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ ක්‍රීඩක ශ්‍රේණිගත කිරිම් අනුව පෙරමුණට පැමිණෙන්නටද එම්බැපේට මෙම ජයග්‍රහණයෙන් අවස්ථාව උදා විය.