2025 වසරේ පැවැත්වීමට නියමිතව ඇති කාන්තා එක්දින ලෝක කුසලානයේ සම සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිව ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙම තරගාවලිය දෙමුහුන් ක්‍රමවේදයක් යටතේ පැවැත්වෙන්නේ සැප්තැම්බර් මස 30 වැනිදා සිට නොවැම්බර් මස 2 වැනිදා දක්වායි. මෙහිදී ඉන්දියාවේදී සහ ශ්‍රී ලංකාවේදී තරග පැවැත්වීමට සැළසු ම්කර ඇති බවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කර තිබූ නිවේදනයේ සදහන්ය.
ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව ඇති තරග කොළඹ ආර්. ප්‍රේමදාස ජාතන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීපැවැත්වෙනු ඇත. සෙසු තරග ඉන්දියාවේ බෙංගලුරු, ගුවාති, විශාකාපට්නම් සහ ඉන්දෝරේහිදී පැවැත්වීමට සැළසුම් කර තිබේ.
මෙහිදී පාකිස්තානය සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරගයද ඇතුළුව මින් පෙර පැමිණි එකඟතාවයට අනුව මෙලෙස ශ්‍රී ලංකාවේදී පැවැත්වෙනු ඇත. එනම් පාකිස්තානය මෙම තරගාවලියේ එක්වන සියලු තරග ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අතර යම් හෙයකින් පාකිස්තාන කාන්තා කණ්ඩායම අවසන් පූර්ව තරග සහ අවසන් මහා තරග සඳහා ද සුදුසුකම් ලබා ගතහොත් එම තරග ද ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබීම විශේෂත්වයකි. ඒ අනුව අවසන් පූර්ව වටයේ තරගවටයේ පළමු තරගය ඔක්තෝබර් 29 වැනිදා ගුවාතිහිදී හෝ කොළඹදී පැවැත්වෙන අතර දෙවැනි අවසන් පූර්ව තරගය ඔක්තෝබර් 30 වැනිදා බෙංග්ලුරුහිදී පැවැත්වෙනු ඇත. අවසන් මහා තරගය නොවැම්බර් මස 2 වැනිදා බෙංග්ලුරුහිදී හෝ කොළඹදී පැවැත්වීමට මේ වන විට අයි.සී.සී.ය සැළසුම් කර තිබේ. කෙසේ වෙතත් මෙම තරගාවලියේ තරග කාලසටහන මෙතෙක් නිල වශයෙන් දක්වා නොතිබුණ ද මෙහි පළමු තරගය ඉන්දියාවේ සහභාගිත්වයෙන් සැප්තැම්බර් 30 වැනිදා බෙංග්ලුරුහිදී පැවැත්වීමට නියමිතව ඇත.
මෙවර කාන්තා එක්දින ලෝක කුසලානය සඳහා ඉන්දියාව, ශ්‍රී ලංකාව, පාකිස්තානය, ඕස්ටේ්‍රලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව, නවසීලන්තය සහ බංග්ලාදේශය යන රටවල් 8 එක්වීමට නියමිතව වතිබේ.
ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික ගැටලු හේතුවෙන් නිමා වූ ශූරයින්ගේ කුසලානය සදහා ඉන්දීය කණ්ඩායම පාකිස්තානයේ සංචාරය නොකළ අතර ඉන්දියාව සහභාගි වූ සියලු තරග ඩුබායිහිදී පැවැත්විණි. ඉන්දියාවේ මෙම තීරණය හේතුවෙන් පාකිස්තානය ද යළි ඉන්දියාවේ පැවැත්වෙන අයි.සී.සී. තරගාවලි සඳහා එක් නොවීමට තීරණය කළ අතර මේ හේතුවෙන් කාන්තා එක්දින ලෝක කුසලානය ද දෙමුහුන් ක්‍රමවේදයක් යටතේ පැවැත්වීමට තීරණය කර තිබිණි.
මේ අතර 2026 විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ද එංගලන්තයේ දී පැවැත්වීමට නියමිතව ඇත.