ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් හතරවන වතාවට සංවිධානය කරනු ලැබූ කෝඩ‍්‍රෑන්ගල් කුසලාන කාන්තා සහ පිරිමි අන්තර් සමාජ ගොල්ෆ් තරඟාවලිය පසුගියදා චීනවරාය ඊගල්ස් ගෝල්ෆ් ලින්ක්හිදී නිමාවට පත් විය.
මෙම තරගාවලියේ ප‍්‍රසාද ලකුණු 295ක් ලබාගනිමින් සමස්ථ ශූරතාව දිනා ගැනීමට රෝයල් කලම්බු ගෝල්ෆ් ක්‍්‍රීඩා සමාජය සමත් විය, දක්ෂතම ළගම පහරට හිමි කුසලානය (පිරිමි) රෝයල් කලම්බු ගෝල්ෆ් ක්‍්‍රීඩා සමාජයේ තිලක් වනසිංහ මහතා විසින්ද, දක්ෂතම දුරම පහරට හිමි කුසලානය (පිරිමි) ගුවන් හමුදා ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් ක්‍්‍රීඩා සමාජයේ ගෲප් කැප්ටන් ප්‍රභාත් විජේකෝන් විසින්ද, දක්ෂතම ළගම පහරට හිමි කුසලානය (කාන්තා) වික්ටෝරියා ගෝල්ෆ් ක්‍්‍රීඩා සමාජයේ ෆ්‍රැන්සිස්කා ද මෙල් විසින් ද, දක්ෂතම දුරම පහරට හිමි කුසලානය (කාන්තා) රෝයල් කලම්බු ගෝල්ෆ් ක්‍්‍රීඩා සමාජයේ දිලිනි හෙන්නායක විසින් දිනාගත් අතර තරගාවලියේ වැඩිම ලකුණු ක්‍්‍රීඩකයා ලෙස රෝයල් කලම්බු ගෝල්ෆ් ක්‍්‍රීඩා සමාජයේ කේ. දනුෂන් මහතා ද තරගාවලියේ වැඩිම ලකුණු ලබාගත් ක්‍්‍රිඩිකාව ලෙස ගුවන් හමුදා ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් ක්‍්‍රීඩා සමාජයේ මනෝරි ජයකොඩි මහත්මිය ද කුසලාන දිනා ගන්නා ලදි.