ශ්‍රී ලංකා ‘ඒ’ පිලත් ඕස්ටේ්‍රලියාවට

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ඕස්ටේ්‍රලියාවේ තරග සංචාරයක

International Cricket

1000

ජූලි මාසයේදී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ඕස්ටේ්‍රලියාවේ තරග සංචාරයක් සහභාගි වීමට නියමිත බව ක්‍රීකට් ආයතනය නිවේදනය කර තිබිණි. 

එම තරග සංචාරය සඳහා එක්දින ක්‍රිකට් තරග 3ක් සහ සිවු දින තරග 2ක් ඇතුළත්ව තිබේ. 
ඒ අනුව මෙම පළමු එක්දින තරගය  ජූලි මස 4 වැනිදා පැවැත්වීමට නියමිත අතර දෙවැනි තරගය ජූලි මස 6 වැනිදා පැවැත්වීමට සැළසුම් කර තිබේ. තෙවැනි සහ අවසන් එක්දින තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ ජුලි මස 9 වැනිදාය. 
ඉන් අනතුරුව ජූලි මස 13 වැනිදා සිට 16 වැනිදා දක්වා පළමු සිවු දින ක්‍රිකට් තරගයත් 20 වැනිදා සිට 13 වැනිදා දක්වා දෙවැනි සිවු දින තරගයත් පැවැත්වෙනු ඇත. 
මෙම තරග සිටල්ල ඩර්වින්හිදී පැවැත්වීමට නියමිතය.
ජාතික කණ්ඩායමට එක්වීමට සූදානමින් සිටින ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ ක්‍රීඩකයින් සඳහා වෙනස් තත්ත්වයන් යටතේ ක්‍රීඩා කරමින් අත්දැකීම් ලබා දීමත් වඩාත් තරගකාරී තත්ත්වයන් යටතේ ගුණාත්මක කණ්ඩායම් සමඟින් තරග වැදීමේ අවස්ථාව සළසා දීමත් මෙම තරග සංචාරයන්හි අරමුණ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් මේ සම්බන්ධයෙන් නිකුත් කර තිබූ නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබිණි.