අන්තර් පාසැල් ලීග් රග්බි තරගාවලියේ පළමු වටය සති අන්තයේ සිට

අන්තර් පාසැල් ලීග් රග්බි තරගාවලිය

Schools Rugby

1000
 
ශ්‍රී ලංකා පාසැල් රග්බි සංගමය මගින් සංවිධානය කරනු ලබන අන්තර් පාසැල් ලීග් රග්බි තරගාවලියේ පළමු වටයේ තරග මෙම සති අන්තයේ සිට ආරම්භ වීමට නියමිතව තිබේ. 
ඒ අනුව පළමු වටයේ ‘ඒ’ කාණ්ඩයේ තරග ලෙස මහනුවර ත්‍රිත්ව විදුහල සහ ශ්‍රී සුමංගල විදුහල අතර තරගය පල්ලෙකැලේදී 6 වැනිදා ආරම්භ වීමට නියමිතව ඇති අතර එදිනම සාන්ත අන්තෝනි විදුහල සහ කොළඹ ඩී.එස්.සේනානායක විදුහල අතර තරගය පැවැත්වෙන්නේ නිත්තවෙල රග්බි පිටියේදීය. ‘ඒ’ කාණ්ඩයේ තරගයක් ලෙස 6 වැනිදා කොළඹ රාජකීය විදුහල සහ තර්ස්ටන් විදුහල අතර තරගය කොළඹ රාජකීය විදුහල් රග්බි ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව ඇත. එසේම මරදාන සහිරා විදුහල සහ මහනුවර ධර්මරාජ විදුහල අතර තරගය ද 6 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත්තේ සහිරා විදුහල් ක්‍රීඩාංගණයේදීය. 
ඉන් අනතුරුව එළැඹෙන 7 වැනිදා ද ‘ඒ’ කාණ්ඩයට අදාළ තරග 4ක් පැවැත්වීමට නියමිතව තිබේ. ඒ අනුව සාන්ත පීතර විදුහල සහ ආනන්ද විදුහල අතර තරගය සාන්ත පීතර විදුහල් ක්‍රීඩාංගණයේදීත්, වෙස්ලි විදුහල සහ ගල්කිස්ස විද්‍යා විදුහල අතර තරගය හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදීත්, ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සහ මහනුවර කිංස්වුඩ් විදුහල අතර තරගය ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ක්‍රීඩාංගණයේදීත් මහනුවර විද්‍යාරත්න විදුහල සහ සාන්ත ජෝසප් විදුහල අතර තරගය මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේදීත් පැවැත්වීමට නියමිතය. 
එසේම මෙම සතියේ අවසන් තරගය ලෙස 8 වැනිදා කොළඹ ඉසිපතන විදුහල සහ මහානාම විදුහල අතර තරගය හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 
මෙම සියලු තරග පස්වරු 4.00ට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා පාසැල් රග්බි සංගමය කටයුතු යොදා ඇත.