ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය මගින් සංවිධානය කරන ලද පාසැල් වොලිබෝල් තරගාවලිය පසුගියදා නිමාවට පත් වූ අතර එහි බාලක ශූරතාව හිමිකර ගැනීමට රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලය සමත් වූ අතර එහි බාලිකා ශූරතාව හිමි වූයේ හුංගම විජයබා ජාතික පාසැලටයි.
කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති මෙම අවසන් තරගාවලියේ බාලක වයස අවුරුදු 19න් පහළ අවසන් තරගය සඳහා රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලය සහ පන්නල ජාතික පාසැල සුදුසුකම් ලබා තිබිණි. එහිදී තරග වට 3-1ක් ලෙසින් පහසු ජයක් හිමිවූයේ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයටයි. එසේම එම වයස් කාණ්ඩයේ බාලිකා අවසන් තරගයේදී හුංගම විජයබා ජාතික පාසැල සහ රුවන්වැල්ල රාජසිංහ විදුහල තරග බිමට පිවිසියේය. එහිදී තරග වට 3-0ක ජයක් හුංගම විජයබා ජාතික පාසැල් කණ්ඩායමට හිමි විය.
මේ අතර 17න් පහළ වයස් කාණ්ඩයේ බාලිකා ශූරතාව ගිරිඋල්ල වික්‍රමශීලා ජාතික පාසැලට හිමි වූ අතර බාලක ශූරතාව හිමිවූයේ නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසැලටයි.
පාසැල් වොලිබෝල් බාලක ශූරතාව රුවන්වැල්ලට
හුංගම විජයබාහුට බාලිකා කිරුළ
Volleyball