ශ්‍රී ලංකා රග්බි සංගමයේ විශේෂ මහා සභාරැස්වීමක් එළැඹෙන දෙසැම්බර් මස 20 වැනිදා පැවැත්වීමට සැළසුම් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ශ්‍රී ලංකා රග්බි සම්මේලනය සඳහා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට එරෙහිව ගොනුකර තිබූ පෙත්සමක් ඉකුත්දා අභියාචනාධිකරණය හමුවේ සමථයට පත්කෙරුණු අතර එම අධිකරණ නියෝගයෙන් අනතුරුව ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල්වරයා මෙම පියවර ගෙන ඇති බව ද දැනගන්නට ඇත.
එදින රග්බි නිලවරණය පැවැත්වීමට අදාළ තීරණ රැසක් ගැනීමට නියමිත බවද රග්බි ආරංචිමාර්ග සඳහන් කරයි