ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරිරික යෝග්‍යතා සම්මේලනය විසින් වාර්ෂිකව සංවිධානය කරන 2024 මිස්ටර් ශ්‍රී ලංකා කායවර්ධන තරගාවලිය තරගය තරුණ කායුතු හා ක්‍රිඩා අමාත්‍ය සමන් කුමාර ගමගේගේ ප්‍රධානත්වයෙන් හා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න ගේ සහභාගිත්වයෙන් එළැඹෙන 21 වැනිදා ප.ව. 4.00 වත්තල ප්රගාසස් හෝටලයේදි පැවැත්වීමට සැළසුම් කර තිබේ.
මෙහි දී වයස අවුරුදු 23 න් පහල කණිෂ්ඨ තරගය, කිලෝ ග්‍රෑම් 70ට අඩු හා 70ට වැඩි වශයෙන් කාණ්ඩ 02 ක් යටතේ තරග පැවැත් වේ.
එසේම ජ්‍යෙෂ්ඨ තරග, කිලෝ ග්‍රෑම් 60, කිලෝ ග්‍රෑම් 65, කිලෝ ග්‍රෑම් 70, කිලෝ ග්‍රෑම් 75, කිලෝ ග්‍රෑම් 80, කිලෝ ග්‍රෑම් 85 අඩු හා කිලෝ ග්‍රෑම් 85 වැඩි වශයෙන්ද, වයස අවුරුදු 50 වැඩි මාස්ටර් තරගයක්ද පැවැත්වීමට සැළසුම් කර තිබීම විශේෂත්වයකි.
ඊට අමතරව සෙ.මි. 170ට අඩු හා 170 වැඩි පිරිමි විවෘත පිසික්ස් තරගයක් ද, විවෘත කාන්තා ෆට් මොඩ්ඩල් තරගයක් පැවැත් වේ.
මිස්ටර් ශ්‍රි ලංකා කිරුල දිනා ගන්නා ක්‍රිඩකයන්ට මුදලින් ත්‍යාග පිරිණැමීමට ද ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය සැළසුම් කර තිබීම ද කැපී පෙනෙන සිදුවීමකි. ඒ අනුව පළමු ස්ථානය දිනා ගන්නා ක්‍රීඩකයාට රු.200000.00 ද, දෙවැනි ස්ථානය සඳහා රු. 150000.00 ද සහ තෙවැනි ස්ථානය සඳහා රු. රු. 75000.00ක් ද පිරිණැමීමට කටයුතු යොදා තිබේ.