ගුවන් හමුදාපති කුසලාන ගොල්ෆ් තරගාවලිය 17 දා සිට

ලංකා ගුවන් හමුදා ‘ඊගල්ස් ගොල්ෆ් ලින්ක්’ සංවිධාන කරන 12 වැනි ගුවන් හමුදාපති කුසලාන ගොල්ෆ් තරගාවලිය 2025

Other Sports

12

ශ්‍රී ලංකා ගුවන් හමුදා ‘ඊගල්ස් ගොල්ෆ් ලින්ක්’ සංවිධාන කරන 12 වැනි ගුවන් හමුදාපති කුසලාන ගොල්ෆ් තරගාවලිය එළැඹෙන 17දා ආරම්භ වීමට නියමිතව ඇත.

ත්‍රිකුණාමලය ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස් ක්‍රීඩා පිටියේදී 17 සහ 18 යන දෙදින පැවැත්වීමට මේ වන විට මේ වන විට සැළසුම් කර ඇති අතර ඊට දෙස් විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100කට අධික සංඛ්‍යාවක් එක්වීමට නියමිතව තිබීම විශේෂත්වයකි. මෙහිදී ගුවන් හමුදාපති කුසලානයට සමගාමීව, ත්‍රිවිධ හමුදා තරගකරුවන් සහ තරගකාරියන්, දක්ෂතම ත්‍රිවිධ හමුදා ක්‍රීඩකයාට හෝ ක්‍රීඩිකාවට හිමි වන ඊගල්ස් අභියෝගතා කුසලානය වෙනුවෙන් ද තරග වැදීමට නියමිතය. 
12වන වරට සංවිධානවන ඒ වෙනුවෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ගුවන් හමුදා මූලස්ථානයේදී පැවති අතර ගුවන් හමුදා ක්‍රීඩා දින දර්ශනයේ ප්‍රථම තරගාවලිය ලෙස මෙය පැවැත්වෙන බවයි ගුවන් හමුදාපතිවරයා එහිදී සඳහන් කර සිටියේය. ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීමේ බලාපොරොත්තුවෙන්, ක්‍රීඩා සංචාරක කර්මාන්තය  ප්‍රවර්ධනයත් මෙම ක්‍රීඩාවට ප්‍රිය විදේශිකයන් මෙරටට ආකාර්ෂණය කර ගැනීම මෙම තරගාවලියේ තවත් අරමුණකි. ඊට අමතරව ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව අන්තර්ජාතික මට්ටමට ගෙනයාමට ගුවන් හමුදාව නිරන්තරයෙන් කටයුතු කර ඇති බවත්, ජාතික ගොල්ෆ් කණ්ඩායමේ පවා ගුවන් හමුදා සාමාජිකයින් සිටීම ඊට හොඳම උදාහරණයක් බවත් ගුවන් හමුදාපතිවරයා එම මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.
මෙවර තරගාවලිය සඳහා මේ වන විටත් දේශීය සහ විදේශීය තරගකරුවන් 100කට අධික ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇති අතර, පිරිමි, කාන්තා, දේශීය සහ විදේශ ආකාරයෙන් කාණ්ඩ කිහිපයක් යටතේ මෙම තරගාවලිය පැවැත්වීමට නියමිතය.
2012 වසරේ ආරම්භ වූ ගුවන් හමුදාපති කුසලාන ගොල්ෆ් තරගාවලියට පසුගිය වසරේදී දේශීය සහ විදේශීය තරගකරුවන් 108 දෙනෙක් සහභාගී වී ඇත.