ටයිසන්ට බොක්සිං වළල්ල එපා වෙලා

ටයිසන් බොක්සිං වළල්ලට සමුදීමට තීරණය කර ඇති බව සිය නිල ‘ඉන්ස්ටර්ග්‍රෑම්’ සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ විශේෂ සටහනක් තබමින් පවසා ඇත .

Other Sports

17

හෙවිවේට් බොක්සිං ශූර ටයිසන් ෆියුරි බොක්සිං වළල්ලට සමුදීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

ඒ අනුව සිය නිල ‘ඉන්ස්ටර්ග්‍රෑම්’ සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ විශේෂ සටහනක් තබමින් ටයිසන් ෆියුරි මේ බව නිවේදනය කර තිබිණි. මේ වන විට 36 හැවිරිදි වියේ පසුවන බි්‍රතාන්‍ය ජාතික ටයිසන්, පසුගිය මාස කිහිපයේදී අඛණ්ඩව පරාජයන් දෙකකට මුහුණ  දී තිබීම ද විශේෂත්වයකි.
2008 වසරේදී වෘත්තීයමය බොක්සිං පිටියට පිවිසි ටයිසන් ෆියුරි, 2015 සහ 2016 යන වසර වලදී හෙවිවේට් බොක්සිං කිරුළ දිනා ගත්තේය. ඊට අමතරව ‘රින්ග්’ බොක්සිං ශූරතාව දෙවරක් දිනා ඇති ඔහු 2020 වසරේ සිට 2024 වසර දක්වා ජාත්‍යන්තර බොක්සිං කවුන්සිල ශූරතාව ද දෙවරක් තම නම ඉදිරියේ සටහන් කරගෙන තිබිණි.
කෙසේ වෙතත් මහා බි්‍රතාන්‍ය බොක්සිං ශූරයා ලෙසින් ද සම්මාන හිමිකරගෙන තිබූ ෆියුරි, පොදු රාජ්‍ය මණ්ඩලයීය බොක්සිං ශූරතාව, යුරෝපීය බොක්සිං ශූරතාව ද අවස්ථා කිහිපයකදී හිමිකර ගෙන තිබීම විශේෂත්වයකි.
අඩි 6ක් සහ අඟල් 9ක උසකින් යුත් මෙම දැවැන්තයා බොක්සි පිටියේ වෘත්තියමය බොක්සිං තරග 37කදී ජයග්‍රහණ 34ක් හිමිකර ගෙන තිබීම විශේෂත්වයකි. ඒ අතුරින් ප්‍රතිවාදියා පූර්ණ වශයෙන් අඩපණ කිරීම්  24ක් ඇතුළත් වීම ද කැපී පෙනෙන සිදුවීමකි.