ශ්‍රී ලංකා මල්ලවපොර ශූරය වන නෙත්මි අහින්සා ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව විශේෂ පුහුණුවක් සඳහා නෙත්මි සහ ඇයගේ පුහුණුකරු සුරංග කුමාර මෙලෙස ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගොස් තිබීම විශේෂත්වයකි. එහිදී ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘රෙස්ලිං වික්ටර් ස්කූල්’හි මාසයක කාලයක් විශේෂ පුහුණුවක නිරත වීමේ අවස්ථාව නෙත්මි අහින්සාට හිමිව තිබේ.
ශ්‍රී ලංකා මල්ලවපොර සංගමයේ මැදිහත්වීම යටතේ මෙම විශේෂ පුහුණුව ක්‍රියාත්මක කිරීමට හැකිව තිබීම ද කැපී පෙනෙන සිදුවීමකි.
නෙත්මි අහින්සා 2022 වසරේදී පැවැති වයස අවුරුදු 20න් පහළ ලෝක ශූරතා මල්ලවපොර තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලෝකඩ පදක්කම දිනා ගත්තාය. ඉන් නොනැවතුනු නෙත්මි 2022 වසරේ එංගලන්තයේ බර්මිංහැම් නුවරදී පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කිලෝ ග්‍රෑම් 52 බර පංතිය නියෝජනය කරමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූවාය