ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ක්‍රීඩා සමාජයන්ට පන්දු යැවීමේ යන්ත්‍ර 24ක්

කොළඹ සී.සී.සී. ක්‍රීඩාංගණ පරිශ්‍රයේ පසුගියදා පැවැති විශේෂ උත්සවයකදී

National Cricket

1000


අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රමුඛ පෙල ක්‍රිකට් තරගාවලියට සහ ‘බී’ කොටස ක්‍රිකට් තරගාවලිය සඳහා තරග වදින ක්‍රීඩා සමාජ 24ක් සදහා පන්දු යැවීමේ යන්ත්‍ර 24ක් බෙදා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික සංවර්ධන ගමන්මග වැඩසටහන යටතේ මෙම කටයුත්ත ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව දේශීය තරග පිටියේ ගුණාරත්මකභාවය ඉහළ නැංවීම වෙනුවෙන් මෙලෙස අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ තීරණයකට අනුව මෙම කටයුත්ත සිදු කර තිබීම ද විශේෂත්වයකි. 

කොළඹ සී.සී.සී. ක්‍රීඩාංගණ පරිශ්‍රයේ පසුගියදා පැවැති විශේෂ උත්සවයකදී මෙම පන්දු යැවීමේ යන්ත්‍ර බෙදා දීම සිදු වූ අතර එම අවස්ථාව සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා, ලේකම් බන්දුල දිසානායක සහ ජාතික සංවර්ධන මධ්‍යස්ථානයේ ප්‍රධානී කමල් ධර්මසිරි යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.