පළමු තරගයෙන් දකුණු අප‍්‍රිකානුවන් හමුවේ ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

2023 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය

International Cricket

226

 ඉන්දියාවේදී පැවැත්වෙන ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ දකුණු අප‍්‍රිකානුවන් හමුවේ ලකුණු 102ක අහිමිරි පරාජයක් අත්විදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ සිදු විය.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප‍්‍රථමයෙන් පන්දු යැවීමටයි තීරණය කළ අතර

එ් අනුව පන්දුවට පහර දුන් දකුණු අප‍්‍රිකාව නියමිත පන්දුවාර 50 තුළ කඩුලූ 05ක් දැවි ලබාගත් ලකුණු සංඛ්‍යාව 428කි.

එහි දී ලෝක කුසලාන තරගාවලියක මෙතෙක් වාර්තා කර ඇති වේගවත් ම ශතකය වාර්තා කිරීමට දකුණු අප‍්‍රිකානු කණ්ඩායමේ එ්ඞ්න් මාක‍්‍රම් සමත්වුණා. ඔහු සිය ශතකය ලබාගත්තේ පන්දු 49කින් වීම කැපී පෙනිණි.

දකුණු අප‍්‍රිකාව වෙනුවෙන් රෙසී වැන්ඩර් ඩුසෙන් පන්දු 54කදී ලකුණු 106ක්, ක්වින්ටන් ඩි කොක් පන්දු 84ක් තුළදී ලකුණු 100ක් සහ එයිඩන් මාර්කම් පන්දු 110කදී ලකුණු 108ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී දිල්ෂාන් මධුශංක කඩුළු දෙකක් දවා ගත් අතර, කසුන් රාජිත, මතීෂ පතිරණ සහ දුනිත් වෙල්ලාලගේ අතර කඩුලූ 1 බැගින් බෙදී ගියේය.

ඉන් අනතුරුව ජයග‍්‍රහණය සඳහා ලකුණු 429ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 44.5ක් තුළ සියලූ දෙනා දැවි ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 326ක් පමණයි.

එහිදී චරිත් අසලංක ලකුණු 79ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 76ක් සහ දසුන් ශානක ලකුණු 68ක් රැස්කරගත්තේය.