මයික් ටයිසන් යළිත් බොක්සින් වළල්ලට

ලෝක හෙවිවේට් ශූර මයික් ටයිසන් සහ යොවුන් බොක්සින් ශුර ජේක් පෝල් අතර බොක්සින් තරගයක් අනිද්දා

Other Sports

72

ලෝක හෙවිවේට් ශූර මයික් ටයිසන් සහ යොවුන් බොක්සින් ශුර ජේක් පෝල් අතර බොක්සින් තරගයක් අනිද්දා (15දා) ඇමෙරිකාවේ ටෙක්සාස්හි ආර් ලින්ටන් ඒ.ටී.ඇන්ඩ් ටී'ගෘහස්ත ක්‍රීඩාංගණයේදී'පැවැත්වීමට නියමිතය. ඒ අනුව 58 හැවිරිදි වියෙහි පසුවන මයික් ටයිසන් 27 හැවිරිදි වියෙහි පසුවන ජේක් පෝල් සමඟ සටන් වදිනු ඇත.

මෙම තරගය ජුලි 20 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබුණත් මයික් ටයිසන්ට ඇති වූ'ආබාධයක් නිසා තරගය නොවැම්බර් මාසය තෙක් කල් තැබිණි. වසර 20ක් වෘත්තිය බොක්සින් ක්‍රීඩාවේ යෙදුනු ටයිසන් ක්‍රීඩාවෙන් සමු ගන්නේ 2005 වසරේදීය. මෙවර තරගයේ ප්‍රතිවාදියා වන ජේක් එවකට අට හැවිරිදි වියෙහි පසු විය. 2013 වසරේ සිය වෘත්තිය බොක්සින් ක්‍රීඩාව අරඹන ජේක් රංගන ශිල්පියෙක් ලෙසද කටයුතු කරයි.